මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වූ දෙරණ ආයතනය විසින් යූ ටියුබ් හි පවත්වාගෙන ගිය TV Derana නමැති යූ ටියුබ් නාලිකාව පරිගණක හැකර් වරුන් විසින් අත්පත්කරගෙන ඇත.
මේ වනවිට එය අත්පත්කරගත් පුද්ලයන් විසින් Bitcoin නමැති වැඩසටහනක් සජීවීව පවත්වාගෙන යන ආකාරය දක්නට ලැබෙයි.
මෙම නාලිකාව හැකර්වරුන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව වනවිට එම නාලිකාවට සෘජුව සම්බන්ධ වී සිටි ග්‍රාහකයන් සංඛ්‍යාව ( Subscribrs) සංඛ්‍යාව 3,007,000කි. 2012 වර්ෂයේ දී ආරම්භ කරන ලද එම නාලිකාවට වීඩියෝ දර්ශන 6,900ක් එක්කර තිබිණි.
ලෝකයේ ප්‍රකට මූල්‍ය වංචාවක් ලෙස සැළකෙන බිට්කොයින් වංචාන් සිදුකරන හැකර්වරුන් විසින් ලොව ප්‍රකට යූ ටියුබ් ගිණුම් රැසක් හැක්කර තිබේ.
ඔවුන් සිදුකරන්නේ මෙවැනි නාලිකා අත්පත් කරගනිමින් බිට්කොයින් වංචාවන් ප්‍රවර්ධනය කිරීමයි. මීට පෙර එවැනි නාලිකා හැක්කර ඒවායේ නම් “SpaceX” සහ “Elon Musk” වැනි නම්වලට එම නාලිකාව වෙනස් කර තිබිණි.
මෙලෙස විනාශ කර දමනු ලබන නාලිකාවල සිටින ග්‍රාහකයන් දහස් ගණනක් වෙත ආපසු එවීම සඳහා බිට්කොයින් ලබාදෙන්න යැයි ඔවුන්ට බල කරමින් වීඩියෝ පට මුදාහැරීම මොවුන්ගේ සිරිත වී තිබේ.
අප රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක් වන TV Derana Youtube නාලිකාව අත්පත්කරගනිමින් කරගෙන යනු ලබන මෙම වංචාවට නොරැවටෙන ලෙස දෙරණ ග්‍රාහකයන් සියලු දෙනාගෙන්ම rata.lk අපි ඉල්ලා සිටිමු.

