ලංකා සීනි සමාගම සතුව ඇති සීනි තොග සතොස අළෙවි සැල් හරහා ලබාදෙන බවත්, දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 130.00 බැගින් ලබාදිය හැකි බවත් රජය පැවසුව ද සැබැවින් ම එය කළ නොහැකි කාර්යයක් බව පැහැදිලි කරුණකි.
ලංකා සීනි සමාගම සතුව ඇත්තේ සෙවනගල, පැල්වත්ත හා හිඟුරාන කම්හල්වල නිපදවන දුඹුරු සීනි පමණි.
2020 වර්ෂයේ දී මෙරටට ආනයනය කර ඇති සීනි ප්‍රමාණය පමණක් මෙට්‍රික් ටොන් 683,000ක් වන අතර ලංකා සීනි සමාගමෙන් නිෂ්පාදනය කර ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000කි. එහි එකතුව මෙට්‍රික් ටොන් 743,000ක් වෙයි.
සාමාන්‍ය පිළිගැනීම වන්නේ මෙරට පරිභෝජනය සඳහා වසරකට සීනි මෙට්‍රික් ටොන් 500,000ක් අවශ්‍ය බවයි.
එම සංඛ්‍යාලේඛන අනුව ගණනය කිරීමේ දී දෛනික පරිභෝජනය සඳහා සීනි මෙට්‍රික් ටොන් 1,369ක් අවශ්‍ය වේ.
කොරෝනා ආසාදනය වී සිටින උක්, බඩ ඉරිඟු, කඩු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන ඇතුළු කුඩා බෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද (29) මාධ්‍යවේදීන්ට දුරකථනයෙන් අමතමින් කියා සිටියේ ලංකා සීනි සමාගමෙහි ඇති සීනි තොග රට පුරා සතොස සහ සමූපකාර මගින් රුපියල් 130.00 බැගින් ලබාගැනීමට ඉඩ සළසන බවයි. එමෙන් ම සමාගම සතුව මේ වනවිට දුඹුරු සීනි කිලෝ 700,000ක් ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
මීට අමතරව ලංකා සීනි සමාගමේ සභාපති ජානක නිමලචන්ද්‍ර සඳහන් කර ඇත්තේ සමාගම සතුව දුඹුරු සීනි කිලෝ 750,000ක් ඇති බවයි. අපි මෙහි වැඩිම අගය වූ සභාපතිවරයා පවසන කිලෝ ග්‍රෑම් 750,000 සැළකූ විට එම ප්‍රමාණය සීනි ටොන් 750කි.
නමුත් රටේ දෛනික සීනි අවශ්‍යතාව දිනකට අවම ප්‍රමාණය ටොන් 1,369කි. එසේ නම් ලංකා සීනි සමාගම සතුව ඇති සීනි ටොන් 750 සතොස මගින් රුපියල් 130.00 ගණනේ ජනතාවට දෙන්නට දිනකට ප්‍රමාණවත් තරම්වත් සීනි තොග ලංකා සීනි සමාගම සතුව නැත.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න පවසන්නේ දැනට මෙරටට ගෙන්වා ඇති සීනි තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති දෙකකට හෝ තුනකට පමණක් බවයි.
එමෙන් ම වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ආනයනය කළ සීනි තොග වරායේ සිරවී තිබෙන බවයි. මිල ප්‍රශ්න මත ඒවා නිදහස් කරගැනීම ආනයන සමාගම් විසින් නොකරන බවත් එම සීනි තොග සතොස හරහා පමණක් අළෙවි කරන්නේ නම් නිදහස් කිරීමට හැකි බව ද අමාත්‍යවරයා පවසයි.