-4.8 C
New York

ඇෆ්ගන් කාන්තාවකට ගුවනේදී දරු උපතක්

Published:

ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් රැ‍ගෙන බ්‍රිතාන්‍ය බලා ගමන්ගත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුව තිබේ.

තුර්කි ගුවන් සේවය පවසන්නේ ඩුබායි සිට බර්මින්හැම් වෙත ගමන් කරමින් සිටි සොමාන් නූරි නම් 26 හැවිරිදි ඇෆ්ගන් ජාතික කාන්තාවක් පොළවෙන් අඩි 30,000ක පමණ උසකදී ගැහැණු දරුවකු ප්‍රසූත කළ බවයි.  

ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටි ‍ඇය කාබුල් නගරය තලේබාන් හමුදාව විසින් අල්ලා ගැනීමෙන් පසු පලාවිත් ඇත. නූරි ඇගේ වැඩිමල් දරු දෙදෙනා සහ සැමියා සමග ගමන් කරමින් සිටියේ ය.

විශේෂත්වය වන්නේ එම අවස්ථාවේ ගුවන් යානයේ වෛද්‍යවරයෙකු නොසිටීමයි, යානයේ කාර්යමණ්ඩලය දරු ප්‍රසූතියට සහාය වී තිබේ.

හව්වා ලෙස නම්කර ඇති මෙම දැරිය සහ ඇගේ මව සුවෙන් පසුවන බව ගුවන් සේවය පවසයි.

ඇෆ්ගන් ජාතිකයන් සඳහා වෙනු කෙරුණු අවසන් යානය සෙනසුරාදා (28) පස්වරුවේ කාබුල් වෙතින් පිටත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේය. කෙසේවුවද එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයින් සහ භට පිරිස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය පවතියි.

ඇෆ්ගන්ස්ථානයේ රැඳී සිටින විදෙස් භට පිරිස් ඉවත් කිරීමේ අවසන් දිනය අගෝස්තු 31 වේ.

https://www.bbc.com/news/uk-58371252

Related articles

Recent articles

spot_img