-4.8 C
New York

ශ්‍රී ලංකාවෙන් “Super Delta” ප්‍රභේදයක් බිහිවේදැයි සැකයක්

Published:

ශ්‍රී ලංකාවේ දී විකෘති ඇතිකළ ඩෙල්ටා ප්‍රභේදයෙන් “සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් නිර්මාණය වනු ඇත්ද යන්න සැකයක් ඇති වී තිබෙන බැවින් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

දැනට ශ්‍රී ලංකාවෙන් කොරෝනා විකෘති ප්‍රභේද 04ක් වාර්තා වී ඇති අතර ඉන් එක් ප්‍රභේදයක් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණක් වීම හේතුවෙන් විද්‍යාත්මකව එම ප්‍රභේදය මෙරටට ආවේණික වූ ප්‍රභේදයක් ලෙස හැඳින්වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් දැනට හමුවන රෝගීන් අතරින් අහඹු ලෙස ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද ජෛව අනුක්‍රමිකතා පරීක්ෂණවලින් අනාවරණය වූයේ කොළඹින් හමුවන ආසාදිතයන්ගෙන් 100%ක් ම ඩෙල්ටා ආසාදිතයන් බවයි.

කොළඹින් පිට පළාත්වල ද මේ ආකාරයට කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේද පැතිරීම සිදුවෙමන් පවතින බව ද හෙතෙම අනතුරු අඟවයි. කෙසේ වෙතත් එළැඹෙන සැප්තැම්බර් මාසය ආවසානයේ දී එන්නත්කරණය සමඟ කොරෝනාවල යම් පාලනයක් බලාපොරොත්තුවන බව ද හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img