මොරටුව දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය පවා නොතකමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කරමින් සිටියි.
මොරටුව දිසා විනිසුරුවරයා විසින් එම සංගමයට ලබාදුන් වාරණ නියෝගයේ සඳහන් වන්නේ අවසන්වතාවට නිලවරණයකින් තේරීපත්ව එම නිලවරණය කල් දමමින් සිටි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු සියලුම නිලධාරීන් තම නිල නාමයන්, ලිපි ශීර්ෂ සහ වෘත්තීය සමිති නාමයන් භාවිතා නොකළ යුතු බවයි. එසේ වුව ද ඔවුන්ට නිලවරණයට අදාල කටයුතු සඳහා මැදිහත් වන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබිණි.
නමුත් එම නියෝග නොතකමින් වරින් වර මාධ්‍ය සාකච්ඡා පවා පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්වූ නිලධාරීන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන කොරෝනා සත්කාරක සේවා අවුල් ජාලයක් බවට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටියි.
මෙලෙස අධිකරණ නියෝගයක් නොතකා කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ඇතැම් විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්වූ වෛද්‍යවරුන්ට අවබෝධයක් නැතුවා විය යුතුය.
පසුගිය අඟහරුවාදා (24) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරාගේ මූලිකත්වයෙන් පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේ දී රෝහලේ සියලු සත්කාර සේවා සමඟ කොරෝනා වසංගයට ගොදුරුවන රෝගීන් සඳහා අවශ්‍ය සේවා සැපයීමට සුවිශේෂී තීරණ කිහියකට එළැඹ තිබේ.
මෙම රැස්වීමට රෝහලේ සියළු වෘත්තීයයන්ට අදාල වෘත්තීය සමිති නියෝජිතයන් ද පැමිණෙන අතර කොරෝනා රාජකාරී අධීක්ෂණයට බව පවසමින් තමන් සියල්ල කරන්නන් බවට වාර්තා සකස් කරන GMOA නියෝජිතයෝ ද සහභාගී වෙති. එදින ද ඔවුහු සහභාගී වී සිටියහ.
එහි දී එළැඹි තීරණ අතර කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටු සහ අනෙකුත් වාට්ටුවල කාර්යභාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර සියලු වෘත්තිකයන් එහි දී අදහස් දක්වා ඇත. අවසානයේ තීරණය වූයේ වෛද්‍ය ඒකක හා වාට්ටු භාර වෛද්‍යවරුන් සමඟ රෝාහල් අධ්‍යක්ෂවරයා සාකච්ඡා කර රෝගීන් රෝහලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව සැළැස්මක් සකස්කර ක්‍රියාත්මක කිරීමයි. එය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කිරීමට ද එහි දී තීරණය විය.
මේ සියලු තීරණ ගනිද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්වූ නිලධාරීන් කිහිප දෙනකු ද සිටියහ.
එම තීරණ අනුව ක්‍රියාත්මක වූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා කොවිඩ් ඒකක සංශෝධනය සම්බන්ධයෙන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡාකර වාට්ටු අංක 11,15,17,21 හා 35 කොරෝනා ඒකක ලෙස අවශ්‍ය මූලික වෙනස්කම් සිදුකර භාවිතයට ගැනීමට තීරණය කර තිබිණි. එමෙන්ම ඒ වනවිට කොරෝනා වාට්ටුවක් ලෙස භාවිතයට ගනිමින් තිබූ වාට්ටු අංක 46 ඉවත් කිරීමටත්, වාට්ටු අංක 36, 25 සහ 68 තවදුරටත් එසේම පවත්වාගෙන යාමටත් තීරණය කර තිබේ.
එමෙන්ම අඩු සංකූලතා සහිත ඇවිදයාමට ළමා සහ වැඩිහිටි රෝගීන් වාට්ටු අංක 68 ට ඇතුළු කිරීමටත්, සංකූලතා සහිත හදිසි ප්‍රතිකාර ඒකකය මගින් මූලික පහසුකම් ලබාදෙන රෝගීන් වාට්ටු අංක 36ට සහ අනෙකුත් සංකූලතා සහිත රෝගින් එදිනට නියමිත ඒකක වෙත යොමුකිරීමටත් තීරණය කර තිබේ. මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් THKA/CC/COVID/09/2021 අංකයෙන් කොවිඩ් කමිටු සම්බන්ධීකාරක විශේෂඥ කායික රෝග වෛද්‍ය ක්‍රිෂාන්ත ජයසේකර වෙත යොමුකර තිබිණි. ඒ 25 වැනි දිනයේ දී ය. සම්බන්ධීකරණ කමිටුවේ දී එළැඹි තීරණ අනුව මෙය බ්‍රහස්පතින්දා (26) වැනි දා සිට ක්‍රියාත්මක විය යුතුය.
නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂ භාවිතා කරමින් නිලවරණය හැර වෙනත් කිසිවක් සිදුනොකරන ලෙස අධිකරණය දුන් නියෝගය පවා නොතකා හරිමින් කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සම ලේකම්වරයකු විසින්, එම තීරණ අදාල පර්ශවයන්හි එකඟතාවය මත හෝ කොවිඩ් සම්බන්ධීකාරක කමිටුව මගින් හෝ ලබාගත් තීරණ නොවන බවත්, අදාල තීන්දු හා තීරණ රෝහල තුළ ගැටලුකාරී තත්වයක් නිර්මාණය කිරීමට තුඩුදිය හැකි බවත් පවසමින් විරෝධය දක්වා ලිපියක් යවා තිබේ.
ඔවුන් පවසන්නේ එම සැලැස්ම මගින් රෝහලේ කොවිඩ් පරිපාලනය අවුල්කර තම පුද්ලික අරමුණු ඉටුකර ගැනීමට මාන බලන පිරිසක් විසින් අධ්‍යක්ෂවරයා නොමග යවන බවයි.
නමුත් තමන් කොරෝනා වාට්ටුව භාර වෛද්‍යවරයා යැයි පවසමින් බැංකු සේවකයන් ලවා බත් පැකට් බෙදීමටයැයි මුදල් එකතු කරන්නේ ද ව්‍යාපාරිකයන් සහ වෙනත් පරිත්‍යාගශීලීන් විසින් කරනු ලබන පරිත්‍යාග තම සමාජ මාධ්‍යජාලා ඔස්සේ පළ කරමින් තම පුද්ගලික ගිනුමට මුදල් බැරකරගන්නේ ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් විසිනි.
කොරෝනා රෝගීන් ඇතුළු කරන වාට්ටු සහ අනෙකුත් සත්කාරක සේවා පවත්වන වාට්ටු පිළිබඳ අදාල ප්‍රධානීන් සමඟ සාකච්ඡාකර සුදුසු තීරණයක් ගැනීමට කොරෝනා සම්බන්ධීකරණ කමිටුවේ දී එකඟවන විට නිහඬව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්වූ නිලධාරීන් පසුව මේ ආකාරයෙන් එම සැළසුමට විරෝධය දැක්වීම විහිළුවක් බව රෝහලේ අනෙකුත් වෘත්තීන්හි වෘත්තීය සමිති නිලදාරීහු කියති.
ඔවුන් තම පටු අරමුණු වෙනුවෙන් කොරෝනා ආසාදිතයන් බිල්ලට දෙමින් සිටිති. කරාපිටිය රෝහලේ අඩුපාඩු එමට ඇත. අපි වරින්වර ඒවා පෙන්වා දී ඇත්තෙමු. නමුත් කොරෝනා රෝගීන් කොරිඩෝවල මියයන්නේ නැත. ඔවුන්ට ලැබෙන සත්කාරක සේවාව ද අනෙකුත් රෝහල්වලට සාපේක්ෂව ඉහළ මට්ටමක ඇති බව අපි හොඳින්ම දන්නා කරුණකි.
අනෙකුත් රෝහල්වල වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාවට සාපේක්ෂව කරාපිටිය ශික්ෂණ රෝහලේ මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද අවම බව අපට තහවුරු වී තිබේ. ඇතැම් දිනවල දී කරාපිටිය අධිකරණ අංශයට ලැබී කොරෝනා ආසාදිත බවට තහවුරු වන මළ සිරුරුවලින් 80%ක් පමණ නිවෙස්වල දී මියගිය අයයි.
කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගිය බැවින් රෝහලේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කළ අතර එලෙස රෝගින් වැඩිවන බැවින් වඩාත් සාර්ථක සත්කාරක සේවාවක් සඳහා ඉහත වෙනස්කම් සිදුකර තිබේ.
තමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්වූ නිලධාරීන් දැන් එම ක්‍රියාත්මක සැළැස්ම අවුල් කරමින් සිටී. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ “අපි තමයි හොඳටම කළේ” කියා කියවා ගැනීමයට. නමුත් ඔවුන් කරන්නේ කොරෝනා ආසාදිතයන් අමාරුවේ දැමීමයි.

(මෙම ලිපිය සම්බන්ධයෙන් යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අගතියක් සිදුවන්නේ නම් ඔවුන්ගේ පැහැදිලි කිරීමක් ද පළකිරීමට අපි බැඳී සිටින්නෙමු)