-5.9 C
New York

දොස්තර නිරෝධායන උපදෙස් නොතකා පුද්ගලික සේවයේ. බද්දේගම ජනතාව අමාරුවේ

Published:

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයකු වී ඇති බැවින් නිරෝධායනය වෙන ලෙස දී ඇති උපදෙස් නොතකා බද්දේගම පිහිටි තම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව තහවුරු වී තිබේ.

මෙම වෛද්‍යවරයාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය බද්දේගම බස්නැවතුම්පොළ අසළ පිහිටා ඇත. එහි වෙනත් වෛද්‍යවරුන් ද සේවය කරති.

ඔහුගේ කාර්යාලයේ සේවය කරන නිලධාරියකු ආසාදිතවීම හේතුවෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග විසින් මෙම වෛද්‍යවරයා සහ තවත් වෛද්‍යවරු දෙදෙනකුටත් වෙනත් නිලධාරියකුටත් නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් දී තිබිණි. එමෙන්ම ඊයේ (27) ඒ සම්බන්ධයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට ද ලිඛිතව දැනුම් දී ඇත.

නමුත් එම නිරෝධායන උපදෙස් නොතකමින් ඊයේ (27) සවස බද්දේගම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දී ඇත.

පළාත් සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ විසින් නිකුත් කර ඇති ලිපිය

Related articles

Recent articles

spot_img