-4.8 C
New York

පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී ටෝකන් බෙදීමෙන්, එන්නත් වැඩසටහනේ කලබලයක්

Published:

පුත්තලම සහිරා ජාතික පාසලේ අද (28) පැවැති එන්නත්කරණ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් එන්නත් ගැනීම සඳහා පිරිසකට අවසර පත්‍රයක් ලබාදීම හේතුවෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇතිවිය.

කලබලය පාලනය කිරීම සඳහා පුත්තලම පොලිස් නිලධාරින් මැදිහත්ව මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්කර ඇත.

පුත්තලම ජුම්මා පල්ලියෙන් නිකුත්කරන ලද විශේෂ අවසර පත්‍රයක් මන්ත්‍රීවරයා විසින් තෝරාගත් පිරිසකට බෙදද්දී තවත් කණ්ඩායමක් දැඩි විරෝධයක් එල්ලකිරීම හේතුවෙන් මෙම කලබලය ඇතිවිය.

මෙලෙස අවසර පත්‍රයක් බෙදීමෙන් එන්නත්කරණ වැඩසටහන අවුල්විය හැකි බවට පුත්තලම පොලිස් නිලාධාරීන් විසින් මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර ඔහු එම ස්ථානයෙන් ඉවත්කර තිබ‍ේ.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පවසන්නේ මෙම ටෝකන් ලබාදුන්නේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද අනුමැතියය ඇතිව බවයි. ජනතාව එකම අවස්ථාවක දී විශාල ලෙස ඒකරාශී වීම වැළැක්වීම සඳහා මේ ටෝකන් ලබාදුන් බව ද හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img