-2.1 C
New York

කඳුකරයට මහ වැසි. ජලාශ කිහිපයක් පිටාර මට්ටමට එයි

Published:

මහ වැසි හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර ජල මට්ටමට ළඟා වී ඇතැයි වාර්තා වේ. මේ අතර වි‍මලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනය ද උපරිම ධාරිතාවට පැමිණ තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (27) සිට ඇතිවන තද වැසි තවමත් පවතින බවත් ඒ සමඟ අධිික සුළං තත්වයක් ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් පවසයි.

තද වැසි සමඟ ඇතැම් ස්ථානවල තද මීදුම් ස්වභාවයක් ද දක්නට ලැබෙන අතර නායයාමේ අනතුරු ඇඟවීම් ද මේ වවිට නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img