-5.9 C
New York

වැටෙන් පැන ආ දරුවන්ට එන්නත් දුන් වෛද්‍යවරයා වරද පිළිගනී

Published:

හලාවත එන්නත්කරණ වැඩසටහන අතරතුර තම දරුවන්ට නීතියට පටහැනිව කොරෝනා මර්ධන එන්නත ලබාදුන් බව එම එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා පිළිගෙන ඇත.

චෝදනා ලැබූ වෛද්‍යවරයා මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට පුත්තලම මූලික රෝහලට මාරුකර යවා තිබේ.

හලාවත කොක්කවිල පාසලේ එන්නත්කරණ වැඩසටහනේ ෆයිසර් එන්නත ලබාදුන් අතර පිට පළාතවලින් පැමිණි සිය ගණනක් එන්නත් ලබාගනිද්දී ගමේ වැඩිහිටියෝ පවා පැය ගණන් පෝළිමේ රස්තියාදු වෙමින් සිටියහ.

මේ අතර වයස අවුරුදු 12-18 අතර පසුවන ළමුන් පිරිසක් ‍පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ සහායෙන් වැටකින් පැන එන්නත් ලබාගැනීමට යන අයුරු එම ස්ථානයට ගොස් සිටි මාධ්‍යවේදි ප්‍රසාද් පූර්ණමාල්ගේ කැමරාවේ සටහන්විය.

එය වෙබ් අඩවි කිහිපයක සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවිමෙන් පසු මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන ද සිද්ධිය වාර්තා කළේය. මේ අතර සිද්ධිය සම්බන්ධ වහාම පරීක්ෂණයක් ද ආරම්භ විය.

ඒ අනුව වෛද්‍යවරයා පුත්තලම මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව වෙතත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එම රෝහලේම මාතෘ හා ළමා වාට්ටුවක් වෙතත් යොමුකර තිබේ.

පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස දැනටමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බවය.

Related articles

Recent articles

spot_img