හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ එන්නත්කරණ වැඩසටහනේ දී ගමේ පදිංචිකරුවන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුව වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්ට පවා එන්නත් හොර පාරේ දීම හේතුවෙන් අද (27) සවස දැඩි කලබලකාරී තත්වයක් ඇතිවිය.
මෙය සිදුවූයේ හික්කඩුවේ එන්නත්කරණය සිදුවූ දොඩංදූව රෝහණ මහා විද්‍යාල භූමියේ දී ය.
හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් සඳහා අද දින දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන බවට දැනුම් දීම මත විශාල පිරිසක් උදෑසන සිට එහ රැස්ව සිටියහ. එන්නත් වැඩසටහන පෙරවරු 8.30ට ආරම්භවන බව කියා තිබුණ ද එය ආරම්භවූයේ 9.40ට බව ප්‍රදේශවාසීහු පවසති.
සවස 4.00 පසුවන තුරු මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ඒ අවට පදිංචිකරුවන් විශාල පිරිසකට එන්නත් නොගෙන ආපසු හැරීයාමට සිදුවිය. නමුත් ගම්වාසීන් වාසීන් පවසන්නේ පොළොන්නරුව වැනි පිට පළාත්වලින් පැමිණි පිරිස්වලට ද හොර පාරේ එන්නත් ලබාදුන් බවයි.

එන්නත්කරණය සිදුවූ ස්ථානය ආසන්නයේ පදිංචිකරුවකු වූ ගයාන් මහේෂ් මෙසේ පවසයි.
මම කොළඹ සිටිය දී මට කොළඹ විහාර මහා දේවී උද්‍යානයෙන් එන්නතේ පළමු මාත්‍රාව ගන්න හැකියාව ලැබුණා. නමුත් ගමේ පදිංචි අපිට දෙවැනි මාත්‍රාව මෙතැන දී දෙනවා කියූ නිසා මම උදේ 6.30ට පෝළිමට එකතුවුණා. මම හිටියේ 19 වැනි පුද්ගලයා හැටියට. එන්නත ගන්න ගියාම මට කිව්වා කොළඹින් පළමු එන්නත ගත්තු නිසා මෙහෙන් දෙන්න බෑ කියලා. මම ඉවතට වෙලා සවස් වෙනකම්ම බලාගෙන හිටියා. පිට ප්‍රදේශවල ඉදලා වාහනවලින් ආපු අයටත් එන්නත් කළා. පොළොන්නරුවෙන් ආපු කෙනෙකුටත් එන්නත් කළා. නමුත් මේ ගමේ පදිංචි මට අවසන්වනතුරුම එන්නත දුන්නේ නැහැ. ගමේ මිනිස්සු පෝළිමේ ඉදිද්දී මෙයාලා එන්නත් වැඩසටහන නැවැත්තුවා. එන්නත් තව ගොඩක් ඉතිරිවෙලා වාහනවලට දාගෙන අරගෙන ගියා. ඒවා අරන් යන්නේ මැල්ලුම් කන්නද මිනිස්සුන්ට එන්නත් නොදි මේ විදියට ද වැඩ කරන්නේ”
ඔහු පවසන්නේ සිය ගණනක් ගැමියන් ආපසු හැරී ගිය බවයි. නැවත එන්නත් දෙන දිනයක් පිළිබඳවද කිසිදු සඳහනක් නැති බව හෙතෙම කීවේය.
මේ අවස්ථාවේ දී ගැමියෝ සෞඛ්‍ය සේවකයන්ට දැඩි විරෝධතාවක් ප්‍රකාශ කළහ. ඒ දර්ශන පහත දැක්වෙයි.
ගාල්ල MOH එකෙන් බොහොම පිළිවෙලට එන්නත්කරනය සිදුකළා.ඔය විදියට මිනිස්සු අසරණ කළේ නෑ.හික්කඩුව ඇයි මෙහෙම …😢