spot_img

කාබුල් පිපිරීමෙන් 90ක් මරුට, අපරාධකරුවන්ට සමාවක් නොදෙන බව බයිඩ්න් කියයි

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ඊයේ(26) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධික බව පැවසේ.

මියගිය අය අතර ඇමරිකානු භටයින් 13 දෙනකු ද සිටින බව පෙන්ටගනය තහවුරු කළේය.

ජිහාඩ් කණ්ඩායම විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

එක්සත් රාජධානියට පිටත් වීමට බලාපොරොත්තුවන ඇෆ්ගන් ජාතිකයින් රැඳී සිටි බාරොන් හෝටලය ආසන්නයේ පළමු පිපිරීම සිදුවූ අතර දෙවන පිපිරීම ගුවන්තොටුපලේ ප්‍රධාන පිවිසුම් දොරටුව වන ඇබේ දොරටුව අසලදී සිදුවිය.

කෙසේවුවද කාබුල් සිට ඇමරිකාවට ගුවන් ගමන් තවදුරටත් සිදුකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. එසේම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බවට ද ඔහු පොරොන්දු වූයේය.

“අපට මෙය අමතක වන්නේ නැහැ, අප සමාව දෙන්නේ නැහැ, අප මෙයට වගකිව යුතු අයට දඬුවම් කරනවා” ජනපති බයිඩන් කීවේය.

කාබුල් ගුවන්තොටුපොළේ ආරක්ෂාව සපයමින් ඇමරිකානු භටයන් 5,800ක් පමණ ද බ්‍රිතාන්‍ය භටයන් 1,000ක් පමණ ද තවදුරටත් රැඳී සිටිති.

මේ දක්වා ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් 104,000ක් ඉවත්කර තිබේ. කෙසේවුව ද තවත් 5,000ක පමණ පිරිසක් පිටවීමේ බලාපොරොත්තුවෙන් කාබුල් ගුවන්තොටුපල පරිශ්‍රයේ රැඳී සිටිති.

https://www.bbc.com/news/world-asia-58351056

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles