-5.9 C
New York

කාබුල් ගුවන්තොටුපොළ අසළ පිපිරීම්

Published:

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කයිසාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් පිවිසුම් දොරටුවක් අසල විශාල පිපිරුමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිපිරුමෙන් සිදුවූ ජීවිත හානි මෙතෙක් තහවුරු කර නොමැති බව පෙන්ටගනය පවසන නමුත් විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ අවම වශයෙන් 11 දෙනකුවත් මිය යන්නට ඇති බවයි.
පිපිරුම් දෙකක් සිදුව ඇති බව ද ඇමෙරිකා ආරක්ෂක අංශ පවසා තිබේ. එක් පිපිරුමක් ගුවන්තොටුපොළේ ඇබේ ගේට්ටුව අසලදීත් අනෙක් පිපිරුම ඒ ආසන්නයේ ම බැරන් හෝටලය අසළදීත් සිදුවූ බව ඔවුහු තහවුරු කරති. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් යැයි අනුමාන කරන බව ද පෙන්ටගනය පවසයි.
තලේබාන් සංවිධානය විසින් කාබුල් නගරය අත්පත්කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට පැමිණි බොහෝ පිරිස් ගුවන්තොටුපල අවට දින ගණනාවක් පුරා රැස්වී සිටියහ.
බෝම්බ පිපිරවීමේ තර්ජනයක් ඇති හෙයින් ගුවන්තොටුපල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් එම ජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා තිබිණි.
පසුගිය සති දෙක තුළ ඇමරිකානු හමුදාව සහ නේටෝ සංවිධානය දස දහස් ගණන් ජනයා ගුවන්තොටුපලින් ඉවත් කර ගත් අතර අගෝස්තු 31 දිනට පෙර මෙම ඉවත් කිරීම් අවසන් කරන බව ඇමරිකාව දැනුම් දී තිබිණි.

https://edition.cnn.com/2021/08/26/asia/afghanistan-kabul-airport-blast-intl/index.html

https://news.sky.com/story/afghanistan-explosion-outside-kabul-airport-pentagon-says-12391238

Related articles

Recent articles

spot_img