වයෝවෘද්ධ වැඩිහිටියන් පෝළිමේ පැය ගණන් රස්තියාදු වෙද්දී වෛද්‍යවරයුගේ දරුවන් කම්බිවැටකින් පන්නා සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව යමින් එන්නත් කිරීමේ සිද්ධියක් අද (26) හලාවත, කොකාවිල රජයේ පාසලේ පැවති එන්නත්කරණ වැඩසටහන අතරතුර දක්නට ලැබිණි.
මේ කාර්යය සිදුකරන ලද්දේ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ ද සහයෝගයෙනි. එම එන්නත් මධ්‍යස්ථානයේ දී ෆයිසර් බයෝටෙක් එන්නත ලබාදෙමින් තිබිණි.
ශ්‍රී ලංකා සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත් ලබාදෙන්නේ වයස අවුරුදු 30ට වැඩි අය සඳහා පමණි. ඒ අතරින් ද මූලිකත්වය හිමිවන්නේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටය.
එසේ නිර්දේශ ලබා දී තිබිය දී මෙලෙස වයස අවුරුදු 12-18ත් අතර දරුවන් සඳහා එන්නත් ලබාදීමට වැටකින් පන්නා එන්නත්කරණය සිදුවන ස්ථානයට යැවීම පිළිබඳ මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරියකු ප්‍රශ්න කරන විට පවුල් සෞඛ්‍ය සේවිකාව පවසන්නේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට එලෙස එන්නත් ලබාදෙන බවයි. එමෙන්ම එය ප්‍රශ්නයක් නොවන බවත් එම සිද්ධිය නොසොයා සිටින ලෙසත් ඇය මාධ්‍යවේදියාට පවසයි.
අදාල වෛද්‍යවරයා ගැන කරුණු විමසීම මාධ්‍යයට අදාල කරුණක් නොවන බවත් තම නිලබලය උපයෝගී කරගනිමින් මෙලෙස කටයුතු කරන පවුල් සෞඛ්‍ය සේවිකාව පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේ දී හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අරුල්තෙවි අරුණාචලම් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ පවුල් සෞඛ්‍ය සේවිකාව සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් හඳුනාගෙන ඇති බව ද හෙතෙම කීවේය.
වෛද්‍යවරු තම ඥාති හිතවතුන්ට හොර පාරේ එන්නත් කිරිමේ සිද්ධීන් මීට පෙර ද අපි වාර්තා කර ඇත්තෙමු.
(ප්‍රසාද් පූර්ණමාල්)