spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම වර්ධනය අත්කරගනී

පුවත්

විදෙස්

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (26) ඉතිහාසයේ වැඩිම කොටස් මිල දර්ශකය හිමිකරගනිමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,920ක් බවට පත්විය.

අද දිනය තුළ පමණක් එය ඒකක 164කින් ඉහළ නැග තිබේ. විශේෂත්වය වන්නේ අද දිනයේ ද වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,498ක් බවට පත්වීමයි. රට වසා දමා තිබූ මෙම සතියේ දින තුනක් කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,000 ආසන්නයේ පැවැතිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු සිදුවෙමින් තිබිය දී වැඩිම වටිනාකමක් සහිතව කොටස් හුවමාරු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3,797යි, හේලීස් සමාගම රුපියල් මිලියන 1,208යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 652යි ලෙස කැපී පෙණිනි.

ඒ අනුව අද දිනයේ ගනු දෙනු හේතුවෙන් එක්ස්පෝ ලංකා සමාගම නැවතත් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වටිනාම සමාගම බවට පත්වූ අතර එහි වටිනාකම රුපියල් බිලියන 286ක් ඉක්මවීය. එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 248ක වත්කම් හිමිකරනිමින් දෙවැනි ස්ථානයේ ද, එල්ඕඑල්සී සමාගමේ අනු සමාගම් වන කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 174ක වත්කම් හිමිකරගනිමින් පස්වැනි ස්ථානයේ ද, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් සමාගම රුපියල් බිලියන 112ක වත්කම් හිමිකරගනිමින් හය වැනි ස්ථානයේ ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් බිලියන 110ක වත්කම් හිමිකරගනිමින් 07 වැනි ස්ථානයේ ද පවතී.

එක්ස්පෝ ලංකා සමාගමේ විශේෂත්වය වන්නේ එම සමාගම ආරම්භ කර ඉතා කෙටි කාලයක් වීමයි. එම සමාගම ගුවනින් හා මුහුදින් භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස අධික වශයෙන් ලාභ ඉපයීම මෙම වර්ධනයට හේතුවක් වී ඇත. එම සමාගමේ කොටසක් වසරකට පෙර රුපියල් 2.50කට ගනුදෙනු වූ අතර අද දිනයේ එහි එක් කොටසක වටිනාකම රුපියල් 151.00 ඉක්මවූයේය.

අද දිනයේ කොටස් ගනුදෙනු අතරතුර කොටස් සමාගම් කිහිපයක කොටස් සංවෘත කවය තුළ හුවමාරු වූ අතර හැටන් නැෂනල් බැංකව (X) කොටස් විශාල ප්‍රමාණයක් රුපියල් 125.00 සහ 126.00 බැගින් ද. සණස සංවර්ධන බැංකුව රුපියල් 50 බැගින් ද හේලීස් සමාගම රුපියල් 93.50 බැගින් ද හුවමාරු විය

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 74ක් ද, එල්ඕඑල් සී ඩිවලොප්මන්ට් සමාගම කොටස් මිලියන 31ක් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 21ක් ද ලෙස මූලික විය.

අද දිනයේ විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 120ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 359ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 239ක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 16ක් ලෙස ද, බලංගෙඩ වැවිළි සමාගම රුපියල් මිලියන 03ක් ලෙස ද, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 02ක් ලෙස ද ප්‍රධාන විය. කොටස් විකුණූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව (ඡන්ද බලය රහිත) කොටස් රුපියල් මිලියන 113ක ද, ජෝන් කිල්ස් සමාගම රුපියල් මිලියන 81ක ද, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 09ක් ලෙස ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙම කාලසීමාවේ දී ඉතිහාසයේ දී වැඩිම අගය වාර්තා කරමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවනු ඇතැයි දිගින් දිගටම අපි rata.lk  දෛනික කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂණයේ සඳහන් කළෙමු.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 9,000 ඉක්මවා තවදුරටත් වර්ධනය වනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!