-2.1 C
New York

එන්නත් ගැනීමට ගාල්ලට මහ සෙනඟක් එති. සෞඛ්‍ය ආරක්ෂාවක් නෑ

Published:

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ද අද (26) කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර සෙනඟ රැස්වීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණ ද එම ස්ථානයේ රැස්ව සිටි දහස් ගණනක් අතරින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සිටියේ ඉතා සුළු පිරිසකි.

ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් මෙම ස්ථානයට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් බොහෝ දෙනකු කියා සිටියේ විද්‍යාලෝක විද්‍යාලයෙන් පළමු එන්නත ලබාගත් තමුන්ට තම ගම් ප්‍රදේශවල දී දෙවැනි එන්නත් මාත්‍රාව නොදුන් බැවින් මෙලෙස පැමිණීමට සිදුවූ බවයි.

ඔවුන් පවසන්නේ තම ගමෙන් එන්නත් දෙන්නේ නම් මෙලෙස පැමිණ අවධානමක් නොගන සිටීමට හැකියාව ඇති බවයි. නමුත් බස්නාහිර පළාතෙන් පැමිණෙන පිරිස්වලට ගාල්ලෙන් එන්නත් ලබාදීමේ සිද්ධිය රට පුරාම ප්‍රසිද්ධ වුව ද ගාල්ලේ පදිංචිකරුවන්ට ගාල්ලේ ම තම නිවස ආසන්න එන්නත්කරණ වැඩසටහන්වලින් එන්නත් ලැබෙන්නේ නැත.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය පැතිරයන ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති ගාල්ලේ අද (26) උදෑසන වනවිට වාර්තා වී තිබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,029කි. ඒ අතරින් 5,979 දෙනෙක් තවමත් සුවය ලබා නැත.

එතරම් අවදානමක් පවතින දිස්ත්‍රික්කයක ජනතාව මෙලෙස එක ස්ථානයකට කැඳවා සියලු නීති සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උල්ලංඝනය කිරීමට ඉඩ දී එන්නත් කිරීමෙන් කො‍රෝනා මර්ධනය කළ හැකි ද යන්න විමසිය යුතු කරුණකි.

Related articles

Recent articles

spot_img