බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.
මීට පෙර ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් බද්දේගම පදිංචිකරුවන්ට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට ස්ථාන තුනක් නම්කර තිබිණි. බද්දේගම රෝහල, බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය මේ සඳහා යොදාගෙන ඇති අතර බද්දේගම රෝහලේ දී එන්නත් කරන්නේ එම රෝහලේ දී පළමු මාත්‍රාව ලබාගත් අයට පමණි.
බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී බද්දේගම වෙළෙඳ සංගමයට පැය 01ක්, වෘත්තිකයන්ට හා රජයේ සේවකයන්ට පැය 01ක්, කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට පැය 01ක් වශයෙන් වෙන්කර ඇති අතර ග්‍රාම නිලධාරී වසම් 09ක් සඳහා එක් වසමකට පැය භාගයක් බැගින් වෙන්කර තිබේ.
ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් සඳහා පැය භාගය බැගින් කාලය වෙන්කර ඇත.
අද උදෑසන සිට බද්දේගම ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් මේ පෝළිම්වල රැසකමින් සිටින අතර ඔවුන්ට එන්නත්කරණ වැඩසටනේ අපිළිවෙල නිසාම ඔවුහු පැය ගණන් පෝළිම්වල රස්තියාදු වන්නේ ද ධාරානිපාත වර්ෂාව පවා නොතකමිනි.
ඔවුන් අතර නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ නැත. කිසිදු සමාජ දුරස්ථභාවයක් ද නැත. ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් පවා හඳුනාගෙන අද (26) උදෑසන වනවිට ආසාදිතයන් 1,373ක් වාර්තා වී බද්දේගම ජනතාව මෙලෙස ස්ථාන තුනකට කැඳවීම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බව සෞඛ්‍ය බලධාරීණ්ට නොවැටහෙන්නේ මන් ද යන්න ගැටලුවකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ චක්‍රලේඛවල දැක්වෙන්නේ ජනතාව කිසිදු හේතුවක් සඳහා ඒකරාශී නොකළ යුතු බවයි.
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් එන්නත්කරණය සිදුකළ හැකිව තිබිය දී මේ ආකාරයෙන් එන්නත් කිරිමෙන් තවදුරටත් එන්නත් පොකුරු නිර්මාණය විය හැකි බව පමණක් අපි මෙහි දී සිහිපත් කරන්නෙමු.




