-5.9 C
New York

පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්

Published:

කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස දැක්වෙයි.

මෙම ආසාදිතයන් පිළිබඳ සංඛ්‍යාලේඛන සංශෝධනය කිරීම හේතුවෙන් මේ වනවිට දින දෙකක් ම මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 5,000 ඉක්මවා වාර්තා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරන ලද සංශෝධන අනුව මීට පෙර අගෝස්තු 21 වැනි දින නිකුත් කළ වාර්තාවේ දැක්වුණු ආසාදිතයන් 3,884 දෙනාට තවත් 1,063 දෙනකු එකතුකර එම දිනයේ ආසාදිතයන් සංඛ්‍යාව 4,947ක් ලෙස සඳහන් කර ඇත.

අගෝස්තු 22 වැනි දින කො‍රෝනා ආසාදිතයන් 4,304 දෙනකු වාර්තාා කළ අතර පසුව එයට තවත් 1,178ක් එකතු කර සමස්තය 5,482ක් ලෙස සටහන් කර තිබේ.

අගෝස්තු 23 වැනි දින වාර්තා කළ ආසාදිතයන් 4,355ට තවත් 1,192ක් එකතු කර එදින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,482ක් ලෙස සංශෝධනය කර ඇත.

ඒ අනුව පසුගිය දින දෙකේ දී ම මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබෙන බව පැහැදිළිය.

Related articles

Recent articles

spot_img