-5.9 C
New York

නිරෝධායන බඩු මල්ලත් සීමා වෙයි. අඩු ආදායම්ලාභීන්ට විතරයි

Published:

නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම මෙතෙක් පිරිනමන ලද රුපියල් 10,000.00ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මීට පෙර නිරෝධායනය වන පවුල්වල ආදායම් ප්‍රමාණය ‍සොයා බැලීමකින් තො‍රව බඩු මල්ල ලබාදුන්න ද එය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි වෙනස් කර ඇත.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය නිකුත් කර ඇති ලිපියක දැක්වෙන්නේ 2021 අගෝස්තු මස 23 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව එලෙස කටයුතු කරන්න යැයි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවයි.

Related articles

Recent articles

spot_img