-4.8 C
New York

කොරෝනා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනයෙන් ගිලිහෙයි ? වෛද්‍යවරුන්ගෙන් චෝදනා

Published:

මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කරන්න යාම නිසා සමස්ත රටව වසංගතයේ ගොදුරක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අධිකරණයෙන් වාරණයට ලක්වූ හිටපු විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය නමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි. නමුත් ඔවුන්ට එවැනි මාධ්‍ය සාකච්ඡා කැඳවීමට, මොරටුව දිසා අධිකරණය මගින් නිකුත් කළ වාරණ නියෝග හේතුවෙන් අද (25) දක්වාම හැකියාවක් නැති බව අපගේ අදහසයි.

වෛද්‍ය නලින්ද හේරත් පෙන්වා දෙන්නේ මේ වනවිට වසංගත රෝග පාලනය හා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුළුමනින්ම ගිලිහී ගොස් ඇති බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැති සාකච්ඡාවක දී අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඒ බව පිළිගත්තේ යැයි ද ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි

“එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගිලිහී ගහින්. අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු මේ බව පිළිගත්තා. වසංගත රෝග විද්‍යා ඒකකයේ කටයුතු කරන්නේ අවශ්‍ය අයගේ සහයෝගය නොගෙන. මේ නිසා අද කොරෝනා වසංගතය පාලනය කිරීමට බැරි තත්වයක් උදාවෙලා.”

ඔහු එසේ කීව ද වසංගත රෝග විද්‍යා ඒකකය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේය. රටේ කොරෝනා තත්වය පිළිබඳ සත්‍ය තත්වය පෙන්වාදෙන වෛදවරු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වා ඔවුන් නිහඬ කිරීමට කඩිමුඩියේ තීන්දු තීරණන ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයට වසංගත රෝග විද්‍යා ඒකකය සම්බන්ධයෙන් තීරණයක් ගන්නට නොහැකිනම් එය වසංගත රෝග විද්‍යා අංශයේ වරදක් ද යන්න ඇතැම් වෛද්‍යවරු ප්‍රශ්න කරති.

Related articles

Recent articles

spot_img