spot_img

සමාජ මාධ්‍යවල ඇති බෙහෙත් වට්ටෝරු දරුවන්ට දෙන්න එපා

පුවත්

විදෙස්

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කිසිදු ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් දරුවන්ට ලබා නොදෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ දරුවන්ට සුදුසු බව පවසමින් විවිධ ද්‍රව්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින බවයි. ඇතැම් පුද්ගලයන් විටමින් සී පවා දෙන ලෙස ප්‍රචාරය කරන බව හෙතෙම පවසයි.

විශේෂඥ වෛද්‍ය කිතුල්වත්ත වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“දරුවන්ට විටමින් සී දෙනවානම් එය දිය යුතු වෙන්නේ වෛද්‍ය නිර්දේශයකින්. සමාජමාධ්‍යවල තියෙන ද්‍රව්‍ය දීලා දරුණු ආබාධ ඇතිවෙන්න පුළුවන්. උන තියෙනවානම් නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් දුන්නාට කමක් නැහැ. ඊට වඩා දෙයක් දෙනවානම් අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් ගන්න. නැතිනම් රෝහලකට යන්න. ගොඩ වෙදකම් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles