-5.2 C
New York

රජුන් තනන්නාගේ සමුගැන්ම බලා සිටින ඇය…

Published:

මෙරට දේශපාලන ඉතිහාසයේ දිශානතිය වෙනස් කළ චරිතයක් වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අද (24) උදෑසන මියගිය පසු ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිය අනුව අද සවස ම බොරැල්ල කනත්තේ දී සිදුකෙරිණි.

එංගලන්තයට ගොස් සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1993 දී මෙරටට ගෙන්වා ජනාධිපති කරවීමේ දී පෙර ගමන්කරුවකු වූ මංගල “රජුන් තනන්නකු” ලෙස ප්‍රකට වූයේය. මංගල නොසිටින්නට චන්ද්‍රිකා මෙරට ජනාධිපතිධූරයට පත් නොවන බව බොහෝ දෙනකුගේ මතයයි.

අද ඔහුගේ සිරුර ආදාහනාගාරයේ දැවී වා තලයට මුසුව යද්දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බොරැල්ල කනත්ත අසළට මේ අයුරින් බලා සිටියාය

Related articles

Recent articles

spot_img