-5.9 C
New York

යාපනය අවදානම් යැයි දිසාපති කියයි

Published:

යාපනයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි යාපනය දිසාපති කනපතිපිල්ලෙයි මහේෂන් පවසයි.

මේ වනවිට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 10,000ක් ඉක්මවා ඇති අතර මරණ 200ක් ද වාර්තා වී තිබේ.

ඔහු පවසන්නේ මේ වනවිට දිස්ත්‍රික්කයෙන් දෛනිකව ආසාදිතයන් 130කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවන බවයි.

දිසාපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ වනවිට යාපනයේ පවුල් 3019ක පුද්ගලයන් 8,616 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. දැනට පවතින තත්වය ඉතාමත් අවදානම්. නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්වන කාලයේ දී නිවසට ම වී සිටිමින් මේ වසංගතය පාලනය කරගැනීම සඳහා සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

Related articles

Recent articles

spot_img