spot_img
spot_imgspot_img

අතේ රෝලක් වූ, දොස්තර පාදෙණියගේ දූෂණ කතාව

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්ව සිටින සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙරට ගංඟා ඇතුළු ජල මූලාශ්‍ර පලිබෝධ නාශක හේතුවෙන් දූෂණය වී ඇති බවටත් ඒවායේ විෂ අඩංගු බවත් කියා ජනතාව නොමඟ යවමින් සිටින බව තහවුරු වෙයි.

ඔහු තමන් නියෝජනය කරන වෘත්තීය සමිතියේ නිල නාමයන් පවා අවභාවිතා කරමින් විශේෂඥ වෛද්‍යවරයකු විසින් ආරක්ෂා කළ යුතු සදාචාරමය කරුණු හෝ ආරක්ෂා නොකරමින් මෙලෙස අසත්‍ය ප්‍රකාශ කරන්නේ හිතා මතා සැළසුම් සහගතව ජනතාව නොමග යැවීමට බව මෙරට ප්‍රකට පර්යේෂකයකු වන රොහාන් පෙතියගොඩ පවසයි.

ප්‍රසිද්ධ දේශනයවල දී අනුරුද්ධ පාදෙණිය ශ්‍රී ලංකාවේව ගංඟා පද්ධතිය ගැන කතා කරයි. එහි දී ඔහු මෙසේ කියයි.

“අපේ රටේ තියෙන්නේ අරීය ගංඟා රටාවක්. බලන්න මධ්‍යම කඳුකරයෙන් පටන් අරගෙන මේ ගංඟා රට වටේම අපූරුවට ගලා බසිනවා. මේ මැදට රසායනික පොහොර පළිබෝධ නාශක ගහන නිසා මේ ගංඟා ජලය විෂ වෙලා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු හා පර්යේෂකයකු වන රොහාන් පෙතියගොඩ මෙරට මිරිදිය මසුන් පිළිබඳ වසර 35කට වැඩි කාලයක් පර්යේෂණ කළ විද්වතෙකි. ඔහු මෙරට සෑම ගංඟා ද්‍රෝණියක ම ලොකු කුඩා වැව් හා වෙනත් ජලාශ ආශ්‍රිතව ද සිය පර්යේෂණ සිදුකර තිබේ.

ඔහු මෙසේ පවසයි.

“ශ්‍රී ලංකාවේ මතුපිට සහ භූගත ජලය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකර තිබෙනවා. ඒවා වෛද්‍ය පාදෙණියටත් පරිශීලනය කළ හැකියි. නමුත් ඔහු කියන්නේ බොරුවක්. මේ එකම පර්යේෂණයකින්වත් මෙරට ගංඟා හෝ අනෙකුත් වැව් ඇතුළු ජලාශවල ඇති ජලය සහ භූගත ජලය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි නිර්දේශ කර නැහැ. පාදෙණිය මේ කියන්නේ කිසිදු විද්‍යාත්මක දත්තයක් නොමැතිව එයාට හිතෙන දෙයක් පමණයි. මේ කිසිම තැනක සෞඛ්‍යයට අහිතකර ලෙස රසායනික අඩංගු වෙන්නේ නැහැ. නමුත් අපි රසායනික ද්‍රව්‍ය නිසා ජලය දූෂණය වන බව පිළිගන්නවා. ඒ ආකාරයට ජලය දූෂණය වෙනවානම් ජලය සුපෝෂක වෙනවා. ඒ නිසා මිතේන් හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි වායු පිටවිය හැකියි. එය ජලජ ජීවීන්ට හානිකරයි.”

රොහාන් පෙතියගොඩ පවසන්නේ මෙරට ජලය සුපෝෂක තත්වයට පත්ව ඇත්තේ ස්ථාන දෙකක පමණක් බවයි. එක් තැනක් කොළඹ බේරේ වැව බවත් අනෙක් තැන මහනුවර නුවර වැව බවත් හෙතෙම කියයි. නමුත් මේ ස්ථාන දෙකම සුපෝෂක තත්වයට පත්ව ඇත්තේ රසායනික පොහොර හෝ පළිබෝධ නිසා නොව කැළි කසළ හේතුවෙවනි.

“පාදෙණිය පවසන ආකාරයට ජලය වස විසෙන් පිරීගොස් ඇත්නම් එහි අහිතකර ප්‍රතිවිපාක විදින්නේ මිනිසාට පෙර ඒ වතුරේ සිටින මසුන් ඇතුළු ජලජ ජවීන්. නමුත් වසරකට මිරිදිය ධීවර කර්මාන්තයෙන් අපි පරිභෝජනය සඳහා මත්ස්‍ය කිලෝ ග්‍රෑම් ලක්ෂ 600ක් පමණ වාර්ෂිකව නෙලා ගන්නවා. මේ ජල මූලාශ්‍ර දූෂණය වෙලා කියන කතාව අමූළික බොරුවක්.”

1 COMMENT

  1. ලංකාවෙි වැඩිවශයෙන් වෙන්නේ තමන් විසින් කලයුතු දේ හරයටම නොකර තමන්ට අදාල නොවන දේ කිරීමට යාමයි. හැබැයි වැඩේ වැරදුනොත් සිදුකරන්නේ හෙමින්ම වැඩේ අතහැර අනුන්ගේ කරට පැටවීමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!