කොරෝනා ආසාදිතව ඊයේ (22) මියගිය පුද්ගලයන් 193 දෙනකු පිළිබඳ අද (23) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව මෙරට දී සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 4,353 දෙනකු හඳුනාගත් බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.