spot_img
spot_imgspot_img

“sms තරු” තෝරා රටේ අනාගතය විනාශ කරන අපේ ජනමාධ්‍යය

පුවත්

විදෙස්

පුවත්පත් කලාවේදිනියක ලෙස 1963 වර්ෂයේ දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ කරුණා පෙරේරා රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවකි. “අඳුරට එළියක්”, “එකෝමත් එක රටක”, “සම්මානෙන් උපන් කඳුළක්”, “අපේ අම්මා සහ කිරි අම්මා”, “අතරමඟ හමුවක්” යන කෙටිකතා සංග්‍රහ ද “සූරිය උදාවනතුරු”, “පහන් වැට යට”, “අලුත් දවසක් ඇවිත්” යන නව කතාද තත් ළමා කෘති රැසක් ද රචනා කොට තිබේ.

ඇය පවසන්නේ තමන් උසස් පෙළ ඉගෙනුම ලබන කාලයේ කලාව සාහිත්‍යය ගැන තිබූ අතිරේක දැනුම වත්මන් පරපුර සතුව නොමැති බවයි. එදා අතිරේක සාහිත්‍යය පොත්පත් කියවා අමතර දැනුම සොයා ගිය ද අද එවැනි දෙයක් නොවන බැවින් සිංහල සාහිත්‍යය භාවිතයෙන් ඈත්වෙමින් පවතින බව ඇය පෙන්වාදෙයි.

“සිංහල සාහිත්‍යයෙන් උගන්වන්නේ ජීවිතය. ජීවිතය ඉගෙනගත්තෙ නැති අය අද මොනතරම් උපාධි තිබුණත් ජීවිතයෙන් පරාජය වෙනවා. මේක අධ්‍යාපන ක්‍රමයේ වරදක්. ඒ හිදැස වහන්නෙ නැතුව බාහිරව පිළියම් සොයා වැඩක් නැහැ. ඒ නිසා ගැමි සමාජයේ පිතිරුණු ජන සාහිත්‍යයක් තිබුණා. මළ පොතේ අකුරක්වත් නොදත් අය යශෝධරාවත කට පාඩමෙන් කිව්වා. එදා අම්මලා තමන්ගේ දරුවන්ට ඒවා ගැන කියා දුන්නා. නමුත් අද පරපුරේ අම්මලා සාහිත්‍යය දන්නේ නැහැ.”

අය පවසන්නේ මේ සමාජය හායි, බායි, හූයිවලට පුරදුු වී ඇති බවයි. ඒ නිසා වටිනා සමාජ කාරණා යටපත්වී ඇති බවත් ඇය පෙන්වාදෙයි. විද්‍යුත් මාධ්‍යවල පෙන්වන්නේ බහුරූ කෝලම් බව ද කරුණා පෙරේරා පවසයි.

“බුද්ධිමත් කාන්තා ප්‍රජාවක් සිටින මේ රටේ රූපවාහිනී කාන්තා වැඩසටහන්වල වැඩිපුරම පෙන්වන්නේ උයන්න, පිහන්න, මහන්න විතරයි. ජීවිතය ගැන විවරණයක් නෑ. ඇතැම් ප්‍රචාරය කරන ගීත හොඳ වුණත් නිවේදිකාවගේ කෝලම් දැක්කම අර ගීතයත් එපා වෙනවා. භාෂාව මරණවා. හරියට ඇඳුමක් අදින්නෙත් නෑ. සිංහල මැද්දට ඉංග්‍රීසි දානවා. ඉංග්‍රීසි මැද්දට සිංහල දානවා.‍ මේ කතාව ලොකු හපන්කමක් වගේ පෙන්නුවට එයින් පෙනෙන්නේ රටේ තරුණ පරපුර බෝල් බව විතරයි. ඒ අය සමස්ත සමාජයම බොල් කරනවා.”

ඇය පෙන්වාදෙන්නේ මේ සැවොම ලෝකය කියවිය යුතු බවයි. ස්ථාවර පදනමක් අවශ්‍ය බවත්, එවිට රැල්ලට නොයන බවත් ඇය කීවාය. නමුත් මේ රැළිවලට යන අය තමන්ට සිදුවන දේ පවා නොදන්නා බව ඇය පවසන්නීය.

ඇගේ මතය වන්නේ රූපවාහිනී මධ්‍යය සේම ලේඛනයෙන් ද ජන සමාජය හැඩගැස්විය හැකි බවිය. නමුත් එය ලේඛකයාට පමණක් තනිවම කළ නොහැකි කාර්යයකි. රූපවාහිනියේ නටන, ගයන, වයන හා දඟලන රූප සමඟ කඩදාසියක අකරුවලට තරඟ කිරීමට පහසු නැති බව ද ඇයගේ මතයයි.

ලේකකයකුට ඊළඟ පරම්පරාවත් සෑදිය හැකිනම් ඒ වගකීමෙන් වැඩි කොටසක් ඇත්තේ ළමා කෘති රචකයන්ටය. එහෙත් ළමයින්ට සුරංගනා කතා ලිවීමෙන් පළක් නැත. ඔවුන්ගේ මනස හැඩගැස්විය යුතුය. අකුරු ලිවිය හැකි සෑම අයකුටම ලේඛකයකු විය නොහැකි එබැවිනි.

ඇය වැඩිදුරටත් මෙසේ ද පවසයි.

“ජීවිතය ගැඹුරින් විමසන දෙයක් කියවන්න අද බොහෝ දෙනා රුචි කරන්නේ නැහැ. අද බොහෝ දෙනෙක් මාර්ටින් විවක්‍රමසිංහ, කරුණාසේන ජයලත් ගැන අහලවත් නෑ, පොදු සමාජයේ රසඥතා ගුණය හීනවෙලා. ඇත්තටම හීනවෙලා නෙවෙයි හීන කරලා කිව්වොත් නිවැරදියි. උදේ සිට රැ වනතුරු අපි දකින්නේ දහජරා දේවල්. අද තරුණ නැගිටීම් නැහැ. ඒත් හැමකෙනෙක් ම බලන්නේ ‘ස්ටාර්’ කෙකේ වෙන්න. එස්එම්එස් තමයි රජ කරන්නේ. ඒතමයි අද තීරකයා බවට පත්ව ඇත්තේ. අද සමාජය නිර්මාණයක් රස විඳින්නෙත්, මනින්නෙත් ඒ තුළින්.”

ඇය පවසන්නේ ලෝක‍යේ ධනවාදී දේශපාලනය තුළ තරුණ පරපුර කොටුකර ගැනීම සඳහා මෙය සූක්ෂමව භාවිතා කරන බවයි. ඒ සඳහා ඇය උදාහරණයට ගන්නේ මස් කට්ටක් දීලා රවට්ටන ෂේප් න්‍යායකි.

අපි එදා සිටම සාරධර්ම රැකගත් ජාතිකයක්. පාට කණ්ණාඩි දාලා මේ වගකීම් ඉටුකරන්න බැහැ. නමුත් එදා සිටම සාරධර්ම රැකගත්ත ජාතියක සිටින සැබෑ ලේඛකයන්ට ඒ වගකීම ඉටුකළ හැකියි.

“කැපිල පේනේනේ නැට්ටුවෝ. ඒ අය එක රැයින් ජනප්‍රිය වෙනවා. ඒත් ලේඛකයකුට ජනප්‍රිය වෙන්න බැහැ.  ඒකට දිගු කාලයක් ගත වෙනවා.”

ලංකාදීප සාහිත්‍ය වීමංසා සාහිත්‍ය සංග්‍රයට කරුණා පෙරේරා සමඟ සාකච්ඡා කර ගාමිණී කන්දේපොළ විසින් සැකසූ ලිපියක් ඇසුරින් මෙය සකස්කරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!