spot_img

ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ

පුවත්

විදෙස්

නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට එහි දෙවැනි එන්නත අහිමිවීමේ තත්වයක් උදා වී ඇත.

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල facebook පිටුවේ යෙදූ දැන්වීමකින් කියවෙන්නේ අගෝස්ත 24 වැනි දිනට යොදා තිබූ දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි.

එමෙන් ම අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන නිල facebook පිටුවේ ඇති සටහනක දන්වා ඇත්තේ බොහෝ දෙනකු එන්නත් ලබාදෙන දිනය අසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවයි. දැනට තම කාර්යාලය සතුව එන්නත් නොමැති බවත් ඉදිරි සති දෙක තුළ දී එන්නත් මාත්‍රා 25,000ක් අම්බලන්ගොඩට අවශ්‍ය බැවින් චීනයෙන් එන්නත් ලැබුණු බව දැනගත් විට පමණක් ඇමතුම් දෙන ලෙසත් එම සටහනේ දැක්වෙයි.

මේ අනුව පෙනී යන්නේ හැකි ඉක්මණින් තම එන්නත ලබාගන්නා ලෙස රජය ජනතාවට දැනුම් දුන්න ද නිසි පරිදි එන්නත් කිරීමට අවශ්‍ය තොග ගාල්ල දිස්ත්‍රික්කයට ලැබී නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles