-1.1 C
New York

“මුට්ටි සෙල්ලම් වැනි මිත්‍යා වැඩවලින් කොරෝනා මර්ධනය බෑ” – ජනමාධ්‍ය ඇමති

Published:

පැණි මුට්ටි ටොන් ගණනක් පානය කළත්, පිරිත් පැන් මුට්ටි හිස මත තියාගෙන ගොස් ග‍ඟට දැම්මත් එවැනි මිත්‍යා මතවලින් කොරෝනා පාලනය කළ නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද (22) කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වැලිගම ප්‍රාදේශීය සභාව මගින් දරුවන් වෙනුවෙන් නොමිලයේ ක්‍රියාත්මක කරන “සිප්දොර” ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහනට දින 100ක් පිරීම නිමිත්තෙන් ඔන්ලයින් ක්‍රමයට සිසු දරු දැරියන් සහ දෙමාපියන් අමතමිනි.

එහි දී ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා පාලනය කළ හැකිවන්නේ එන්නත්කරණය ඇතුළු විද්‍යාත්මක ක්‍රමවලින් පමණක් බවයි.

කොරෝනා හේතුවෙන් ර‍ටේ ජනතාව බරපතල සෞඛ්‍ය ගැටලුකට මුහුණ දී සිටින බව ද එය ආර්ථිකයට මෙන්ම දරුවන්ගේ අධ්‍යානයට මානව සමාජයේ යහ පැවැත්මට ද බරපතල ගැටලුවක් බව ද අමාත්‍යවරයාට වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img