-5.9 C
New York

“ඇඳිරිනීති බලපත්‍ර අපි දෙන්නේ නෑ” – පොලිසිය

Published:

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන කාලසීමාවේ දී පොලිසිය ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මේ හේතුවෙන් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් ස්ථානවලට නොපැමිණෙන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වෙළෙඳාම් කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව අත්‍යාවශ්‍ය සේවාවන්ට අයත් පුද්ගලයන්ට සිය රාජකාරී හැඳුනුම්පත් හෝ ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරනු ලැබූ ලිපියක් පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් අදාල අවශ්‍යතා සඳහා යාමට හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img