-2.1 C
New York

“ඩෙල්ටා විකෘති ගැන භිය වෙන්න එපා” යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කියයි

Published:

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 04ක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවත් විකෘති හමුවුව ද ඒ සම්බන්ධව භියක් ඇතිකර නොගත යුතු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි.

ඇය මේ බව කියා සිටියේ අද (22) කොරෝන සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විදයාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානි සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ මීට පෙර ශ්‍රී ලංකාවේ තිබූ කොරෝනා ඇල්ෆා ප්‍රභේදය ද විකෘතිවලට ලක්වූ බවයි. එය ‍කොරෝනා වයිරස ප්‍රභේදවල සාමාන්‍ය තත්වයක් බව ද ඇය පැවසුවාය.

“ටික දිනක් යනවිට වයිරසය මේ විදියට විකෘති ප්‍රභේද ඇතිකරනවා. නමුත් විකෘති ප්‍රභේදයක් වුණත් සාමාන්‍ය මූලික සැකැස්ම තමයි තිබෙන්නේ. සුළු සුළු වෙනස්කම් දැකිය හැකියි. මේ විකෘති නිසා සාමාන්‍ය ඩෙල්ටා ප්‍රභේදයට වඩා පැතිරීමේ සීඝ්‍රතාවක් ඇතිවේයැයි හෝ වඩාත් හානිකර වේයැයි හෝ අපිප බය වෙන්න අවශ්‍ය නැහැ. දැනට හමු වී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 04 පිළිබඳව ම අපි වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.”

මහාචාර්ය මලවිගේ පවසන්නේ දැනට ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඩෙල්ටා විකෘති ප්‍රභේද මෙරට භාවිතාවන කොරෝනා මර්ධන එන්නත් සඳහා ප්‍රතිචාර දක්වන බවයි.

Related articles

Recent articles

spot_img