spot_img
spot_imgspot_img

වසංගත රෝග විද්‍යා ඒකකය කොරෝනා දත්ත වෙනස් කරයි

පුවත්

විදෙස්

වසංගත රෝග විද්‍යා ඒකකය මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවට පසුගිය 20 වැනි දා අලුතෙන් ආසාදිතයන් 4,808 දෙනකු එකතු කර තිබේ.

මෙලෙස දත්ත වෙනස්වීම සම්බන්ධයෙන් විමසූ විට එම ඒකකය කියා සිටියේ පසුගිය 16 වැනි දා සිට 19 වැනි දා දක්වා ප්‍රමාද වී ලැබුණු දත්ත එලෙස ලේඛනගත කළ බවයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 385,696 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර ලබා සුව වූ සංඛයාව 323,390කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේඛන අනුව මියගිය සංඛ්‍යාව 7,183ක් වන බැවින් තවමත් කොරෝනා ආසාදිතව සිටින සංඛ්‍යාව 55,123කි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ම සංඛ්‍යානය නම් විෂයයක් තිබේ. එම විෂය උපාධිය සඳහා හදාරා වාර්ෂකව සිසු සිසුවියන් රැසක් රැකියා බලාපොරොත්තු වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යානය විෂයය උපාධිධාරීන් මේ ලේඛන සෑදීම සඳහා යොදා ගන්නේ නැත.

සියල්ල වෛද්‍යවරු කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩා භාරකරුගේ පටන් සියලු තනතුරුවලට වෛද්‍යවරු යොද‍ාගෙන ඇති බැවින් මෙවැනි විෂයයක් සම්බන්ධ ප්‍රවීණයන්ගේ සහය නොගන්නා බැවින් කොරෝනා දත්ත වැරදීම සාමාන්‍ය දෙයක්යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුව ද එය රටම නොමග යවන්නකි.

පසුගිය 16 වැනි දා කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් අවසන් ලේඛනය සැකසීමෙන් පසු ප්‍රමාද වී ලැබුණු ආසාදිතයන් පිළිබඳ විස්තර භාවිතා නොකර සිටීම සංඛ්‍යානය විෂය උගත් අයකු විසින් කරන්නේ නැත. ඔවුන් කරන්නේ එම දත්ත ඊට පසුදින ලේඛනයට ඇතුළත් කිරීමයි.

මෙවැනි දත්ත සැකසීමේ දී කාල වකවානුවක් පිළිබඳ රාමුවක් මත කටයුතු කිරීමට සංඛ්‍යානය හැදෑරූ අයකු හොඳින්ම දනී. සංඛ්‍යානය පිළිබඳ විද්වත් සංගමයක් ද ශ්‍රී ලංකාවේව තිබේ. නමුත් සෞඛ්‍යයට අරක්ගත් ඇතැමුන් එවැනි විද්වතුන්ගේ  සහය නොගනිමින් හිතු මතයේ රටේ දත්ත වෙනස් කරමින් රටක නොමඟ යවයි.

වරින් වර ඔවුන් විසින් ම නිකුත් කරන ලද දත්ත නැවත නැවතත් වෙනස් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!