ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව සතු රූපවාහිනිය අද (21) නිවේදනය කළේය.
මියන්මාර හමුදාව පෙබරවාරි 01 වැනි දා රටේ බලය අල්ලාගැනීමෙන් පසු මාධ්‍යවෙත එල්ල කරනු ලබන දැඩි මර්ධනය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
එරට ප්‍රධාන වෙබ් අඩවියක තීරු ලිපි රචකයකු සහ Voice of America ගුවන් විදුලියේ විචාරකයකු වන සිතු අවුන්ග් මයින්ට් සහ BBC Myanmar සේවාවේ නිදහස් මාධ්‍යවේදියකු වන හට් හට් ඛයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සිතු අවුන්ග් මයින්ට්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා සහ සමාජ මාධ්‍ය පළකිරීම්වල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ චෝදනා එල්ල කර ඇත.
අපරාධයක සැකකරුවෙකු වූ සිතු අවුන්ග් මයින්ට්ට රැකවරණය ලබා දීම සහ ජාතික සමගි ආණ්ඩුවක් සඳහා කටයුතු කිරීම සහ සහයෝගය දැක්වීම යන චෝදනා හට් හට් කයින් වෙත එල්ල කර තිබේ.
දේශසීමා නොමැති වාර්තාකරුවන් පවසන්නේ මෙම දෙනා රඳවා තබාගැනීම නීති විරෝධී බවයි.
එම සංවිධානයේ ආසියා-පැසිෆික් ප්‍රධානී ඩැනියෙල් බැස්තාඩ් පැවසුවේ “මිලිටරි ජුන්ටාව මාධ්‍යවේදීන්ට සලකන කෲරත්වය පිළිබිඹු කරමින් ඔවුන් රඳවා තබා ගැනීමේ අත්තනෝමතික සිද්ධිය තරයේ හෙළා දකින බවයි.
මියන්මාරය අස්ථායි භාවයෙන් හා හමුදා පාලනයට එරෙහි විරෝධතාවයෙන් පිරී පවතින අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් 1000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ආරක්ෂක අංශ විසින් කළ ඝාතන පිළිබඳව සොයා බැලූ ක්රියාකාරික කණ්ඩායමක් පවසයි.
එරට මාධ්‍ය ආයතන බොහාමයක බලපත්‍ර අවලංගු කර ඇති හමුදාව පවසන්නේ මාධ්‍යයේ කාර්යභාරයට ගරු කරන නමුත් අසත්‍ය යැයි විශ්වාස කරන හෝ මහජන නොසන්සුන්තාවයක් ඇති කිරීමට ඉඩ ඇති ප්‍රවෘත්ති වාර්තා කිරීම නොඉවසන බවයි. (වැඩිදුර කියවන්න)
හමුදා කුමන්ත්‍රණයෙන් පසු මාධ්‍යවේදීන් 98 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මානව හිමිකම් සම්බන්ධ Human Rights watch සංවිධානය පෙන්වා දී ඇත. එලෙස අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන්ගෙන් 46 දෙනකු ජූලි මාසය අවසානය වනවිටත් රඳවාගෙන තිබිණි.
මෙම පුවතේ මුල් පිටපත මෙතැනින්