-2.1 C
New York

Lockdown කිරීමට එරෙහි විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙති

Published:

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් නගර අගුලු දැමීමට විරෝධය පල කරමින් විරෝධතාවයේ නිරත දහස් ගණන් පිරිස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.

විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා මෙල්බර්න් හි දී පොලිසිය විසින් ගම්මිරිස් කුඩු ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. පොලිසිය පවසන්නේ 4,000ක පමණ පිරිසක් එහි විරෝධතාවලට එක්වී සිටි බවයි.

එහි දී අවම වශයෙන් නිලධාරීන් හත් දෙනකු තුවාල ලබා ඇති අතර පොලිසිය විසින් විරෝධතාකරුවන් 218 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

සිඩ්නි හි අගුලු දැමීම තවත් මසකට දීර්ඝ කර ඇති අතර විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා නිලධාරීන් 1,000 ට වැඩි පිරිසක් යොදවා ඇතැයි වාර්තා වේ. ජුනි මස අග භාගයේ සිට සිඩ්නි වැසියෝ නිවසේ රැඳී සිටීමේ නියෝග අනුගමනය කළහ. කෙසේ වෙතත් සිඩ්නි නගරයේ පසුගිය සතිය තුළ ආසාදන දෙගුණයකටත් වඩා වැඩිවී තිබේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන බ්‍රිස්බේන් හි විරෝධතාකරුවෝ 2,000ක් පමණ සාමකාමී පා ගමනක යෙදුණහ.

විරෝධතාකරුවන් පවසන්නේ ඇඳිරි නීති දැමීම වයිරසය පාලනය කිරීමේ ඵලදායී ක්‍රමයක් නොවන බවයි.

කෙසේවුව ද කොවිඩ් රෝගය පාලනය සම්බන්දව ඕස්ට්‍රේලියාව ලොව පුරා පැසසුමට ලක්වූ අතර මෙතෙක් සිදුවී ඇත්තේ කොවිඩ් මරණ 978ක් පමණි. නමුත් ඩෙල්ටා ප්‍රබේදය මතුවීම නිසා ආසාදන වැඩියෙන් වාර්තා විය.

Related articles

Recent articles

spot_img