spot_img
spot_imgspot_img

කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්

පුවත්

විදෙස්

ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ.

ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට එරෙහි ලොව ප්‍රථම මානව ඩීඑන්ඒ ඒන්නතයි.

මෙය මාත්‍රා තුනකින් සමන්විත එන්නතකි.

එන්නතෙහි තවත් විශේෂත්වයක් වන්නේ එය එන්නත් කටුවකින් විදීමෙන් තොරව සම මත ආලේප කිරීමේ ක්‍රමයකින් ශරීරයට ඇතුල් කිරීමයි. එහිදී සම මත කුඩා ප්‍රදේශයක එන්නත ආලේප කිරීම සිදුකරයි. මෙම ක්‍රමය ඉන්දියාවේ යොදාගන්නා ප්‍රථම අවස්ථාව ද මෙය බව පැවසේ. විද්‍යාඥයින් පවසන්නේ ඩීඑන්ඒ එන්නත් ආරක්ෂිත බවින් ඉහල වන අතර මිලෙන් අඩු බවයි.

එසේම ඒවා සෙල්ෂියස් අංශක 2-8ත් අතර ඉහල උෂ්ණත්ව වල ගබඩා කිරීමේ හැකියාව ද සහිතය.

ඉක්මනින් පැතිරෙන ඩෙල්ටා ප්‍රබේදය ඇතුළු වයිරසයේ විකෘති ප්‍රභේද සඳහා මෙම එන්නත හොඳින් ප්‍රතිචාර දක්වන බව සඳහන් වෙයි.

වෙනත් එන්නත් වලදී මෙන්ම, වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සකස් කිරීම මෙම ඩීඑන්ඒ එන්නත මගින් ද සිදුකෙරෙයි.

 ඉන්දියාවේ “කැඩිලා හෙල්ත් කෙයා” ඖෂධ සමාගම විසින් මෙම එන්නත නිපදවා ඇත. ඔවුන් පවසන්නේ එන්නත මගින් 66%ක ආරක්ෂාවක් ලබාදෙන බවට අධ්‍යයනයකින් තහවුරු වූ බවයි.

ඩීඑන්ඒ එන්නත සම්බන්ද සායනික පරීක්ෂණ සඳහා මධ්‍යස්ථාන 50ක ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ 28,000ක පමණ පිරිසක් යොදාගත් බව කැඩිලා හෙල්ත් කෙයා සමාගම පවසයි. එය ඉන්දියාවේ මෙතෙක් සිදුකළ දැවැන්තම සායනික අත්හදා බැලීම වෙයි. විශේෂයෙන්, වයස අවුරුදු 12-18ත් අතර 1,000ක පමණ තරුණ පිරිසකට ද මෙම එන්නත ලබාදී ති‌බේ.

ඉන්දියාවේ කොවිඩ් දෙවන රැල්ලේ උච්චතම අවධියේදී මෙම සායනික පරීක්ෂණ වල තෙවන අවස්තාව ක්‍රියාත්මක කර තිබිණි.

ඉන්දීය ජනතාවට ලබාදීම සඳහා එන්නත් මාත්‍රා මිලියන 120ක් නිපදවීමට සමාගම සැලසුම් කර තිබේ.

මින්පෙර ඩීඑන්ඒ එන්නත් යොදාගැනුනේ සතුන් සඳහා වන අතර මිනිසුන් සඳහා එය එතරම් සාර්ථක නොවීය. උදාහරණ ලෙස ඇමරිකාවේ අශ්වයින්ගේ හමේ රෝග සඳහා සහ සුනඛයින්ගේ පිළිකා රෝග සඳහා ඩීඑන්ඒ එන්නත් අනුමත කර තිබේ.

කෙසේවුවද මිනිසුන්ට වැළඳෙන පිළිකා සහ ඒඩ්ස් වැනි රෝග සඳහා ඩීඑන්ඒ එන්නත් වර්ග 160ක් පමණ ඇමරිකාවේ සායනික පරීක්ෂණ මගින් අත්හදා බලා ඇත.

https://www.bbc.com/news/world-asia-india-57774294

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!