සෞඛ්‍ය අමාත්‍යාශයේ විවිද වගකීම් පවරා දෙමින් එයට අනුයුක්තව සිටි අතිරේක වෛද්‍යවරු රෝහල්වෙත යොමුකිරීමේ දැඩි තීරණයකට එළැඹ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන කාර්යයේ දී රජයේ පරිපාලන සේවා නිලධාරීන් විසින් සිදුකළ යුතු ඇතැම් කාර්යයන් සඳහා ද මෙලෙස වෛද්‍යවරුන් අනුයුක්ත කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ (GMOA) සැළසුම් අනුව දීර්ඝ කාලයක සිට ඔවුන්ගේ සාමාජිකයන් සහ නිලධාරීන් මෙලෙස අනුයුක්ත කර තිබූ අතර සියලු කටයුතු පාලනය වක්‍රාකාරයෙන් GMOA යටතට ගැනීම එහි අරමුණ වී තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගබඩාව භාරව සිටින්නේ ද වෛද්‍යවරයකු වීමෙන් එම සැළැස්ම මනාව හෙළි වෙයි.
ඒ අනුව මෙලෙස අනුයුක්තව ඇති වෛද්‍යවරුන් 210 දෙනකු පිළිබඳ රජයේ අවධානය යොමුකර ඇති අතර අතිරේක වෛද්‍යවරු සියලු දෙනා රෝහල් සඳහා අනුයුක්ත කිරීමටත් රාජ්‍ය පරිපාලන සේවා නිලධාරීන් විසින් දැරිය යුතු තනතුරු දරන සියලු වෛද්‍යවරු ඉවත්කර ඒ සඳහා අදාල නිලධාරීන් ඉක්මණින් පත්කිරීමට ද සැළසුම් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ද සෞඛ්‍ය සේවා කාර්යාලවල මෙම තත්වය දක්නට ලැබෙයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුව ලැබූ ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාල පුද්ගලයකු විසින් දැරිය යුතු තනතුරු සඳහා ද වසර කිහියක සිට වෛද්‍යවරුන් ම අනුයුක්ත කර තිබේ. ඔවුන් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරා එම තනතුරුවලට අනුයුක්ත කරන බව ද අනාවරණය වී ඇත.
වත්මන් රජය බලයට පත්වූ විගස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පත්කිරමට ඉඩ ඇතැයි රාවයක් පැතිර ගිය ද එය සිදුවූයේ නැත.
නමුත්, පසුගිය දිනක ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කර තිබූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසා තිබුණේ අනුරුද්ධ පාදෙණියගේ උපරවැට්ටිවලට සමගි ජනබලවේගය නොරැවටෙන බවයි. වත්මන් රජය බලයට පත්කිරීම සඳහා උනන්දු වී දැන් තනතුරු වරප්‍රසාද අහිමිවී අවලංගු කාසියක් බවට පත්වූ පසු අනුරුද්ධ පාදෙණිය විපක්ෂ නායකවරයා පසුපස යාමට උත්සාහ ගන්නා බව ද රාජිත සේනාරත්න කීවේය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලයට මේ වනවිට අධිකරණයෙන් වාරණයක් නිකුත් කර ඇති බැවින් ඔවුන්ට රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය ලෙස ප්‍රකාශ නිකුත් කිරීමට නීතිමය ඉඩක් නැත.
කෙසේ වෙතත් මෙම පුවතින් එම සංගමයට හෝ වෛද්‍ය පාදෙණියට යම් අපහසුතාවක් ඇතිවන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශයක් මෙවැනිම ඉඩක් ලබාදෙමින් පළ කිරීමට අපි බැඳී සිටින්නෙමු.



