පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්වයක් පැවතිය ද අද (21) සහ හෙට (22) දිනවල ප්‍රදේශ ගණනාවක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිටත් රටේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ම නිරිත දිග කලාපය, උතුරු හා උතුරු මැද පළාත්වල සහ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ද අහස වලාකුළින් බරව තිබේ. විටින් විට වැසි ඇතිවන බව ද දක්නට ලැබේ.
මෙයට හේතු වී ඇත්තේ දිවයින සහ ඒ අවට වායුගෝලයේ ඇතිවූ කැළඹිලි තත්වයකි. මේ හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ද අද සහ හෙට වරින් වර වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන් ම සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අනෙකුත් ප්‍රදේශවල ද වරින් වර වැසි ඇතිවය හැකිය..
මෙම වැසි ඇතැම් අවස්ථාවල දී මිලි මීටර 100 ඉක්මවා යා හැකි තද වැසි බවට ද වර්ධනය වීමට ඉඩ තිබේ.
වැසි සහිත අවස්ථාවන්හි දී තද සුළං හමායාම සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.