ගාල්ලේ ගැබිනි කාන්තාවන්ට එන්නත් නෑ

පුවත්

විදෙස්

මෙතෙක් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගැබිනි කාන්තාවන් සඳහා අද (21) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලබාදීමට කටයුතු යොදා තිබුණ ද එය අද සිදු නොවීමෙන් බොහෝ ස්ථානවල ගැබිනි කාන්තාවන් අපහසුතාවට ලක්ව සිටිති.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි ඇතැම් ගැබිනි කාන්තාවන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අද උදෑසන ම දුරකථන ඇමතුම් මගින් දන්වා ඇත්තේ එන්නත්කරණය අද සිදුනොකරන බවයි.

ඇතැම් කාන්තාවන් මේ වනවිටත් තමන්ට පැමිණෙ ලෙස දැනුම් දී තිබූ ස්ථානවලට එන්නත් ගැනීම සඳහා ගොස් තිබේ. ඔවුන්ට සිදුව ඇත්තේ එන්නත් නොමැතිව ආපසු හැරී පැමිණීමටය.

මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරියකුගෙන් විමසූ විට කියා සිටියේ එන්නත් මාත්‍රා අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණු බැවින් ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල කලින් සැළසුම් කළ පරිදි එන්නත් ලබාදීමට නොහැකි වූ බවයි. එන්නත් ඉතිරිව තිබූ ඇතැම් කොට්ඨාසයන් හි එන්නත් කරන බව ද හැකි ඉක්මණින් ප්‍රමාණවත් පරිදි එන්නත් ගෙන්වා එන්නත් ලබාදීම සිදුකරන බව ද හෙතෙම කීවේය.

ගැබිනි කාන්තාවන් සියලු දෙනා කඩිනමින් එන්නත් කරන බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles