-2.1 C
New York

“දිගටම රට වසා දැමුවොත් කැපකිරීම් සඳහා සූදානම් වෙන්න” – ජනාධිපති

Published:

“ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු‍ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ රට වසා දැමීම හේතුවෙන් පළමු කොරෝනා රැල්ල කාලයේ දී නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා වූ බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙසේ ද කීවේය.

ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් ගෙන ආ ඇඟලු‍ම් කර්මාන්තයට මින් විශාල පාඩුවක් සිදු වුණා. ඔවුන්ගේ ඇණවුම් නවතා දමනු ලැබුවා. බොහෝ දෙනෙකුට රැකියා නැති වුණා. අපනයන ආදායම කඩා වැටුණා.  ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් වුනු, මිලියන 3 කට වැඩි පිරිසක් ජීවිකාව කළ අපේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. රැකියා ලක්ෂ ගණනාවක් නැති වුණා.

අපේ දේශීය ආර්ථිකයේ තවත් වැදගත් අංශයක් වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයි. සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වන මෙම ව්‍යාපාරවලටත් කොරෝනා වසංගතය විශාල ගැටලු‍වක් වුණා. ඊට අමතරව මිලියන 4.5 කට ආසන්න ස්වයං රැකියා සහ දෛනික ආදායම් ලැබූවන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම බිඳවැටුණ නිසා ඔවුන්ගේ ජීවිත අසරණ වුණා.

රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවෙයි. විශේෂයෙන්ම අපනයන කේෂ්ත්‍රයේ ඇඟලු‍ම් කර්මාන්ත සඳහා ඇණවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇණවුම් අපට කලටවේලාවට ලබා දෙන්නට අපහසු වුණොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා.

ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200 කට ආසන්න වූ සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්න සිදු වෙනවා.
ඒ වගේම දෛනික ආදායම් ලබන්නන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්, සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. සම්පූර්ණයෙන් රට වසා දැමීම තුළින් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතුයි.  අද ලෝකයේ රටවල් කීපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණයෙන්ම විවෘත කර තිබෙනවා.

එසේ වූවත් කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මස 30වන සඳුදා උදෑසන 4දක්වා රට වසා තැබීමට මා තීරණය කළා. 

අපි යථාර්ථය තේරුම්ගත යුතුයි. මෙය මුළු ලෝකයම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩගැහෙමින් සිටිනවා. රජයක් හැටියට ගතයුතු සෑම පියවරක්ම නිසි ලෙස අපි අරගෙන තිබෙනවා.

Related articles

Recent articles

spot_img