spot_img
spot_imgspot_img

ඇනකොණ්ඩා ශ්‍රී ලාංකිකයි. ‍ලෝකයේ ම ප්‍රසිද්ධ වූ සිංහල නමක්

පුවත්

විදෙස්

ලොව විශාලතම සර්ප විශේෂය වන්නේ “ඇනකොණ්ඩා” ය. මෙම සත්ත්ව විශේෂය මෙරට ස්වභාවික පරිසරයේ දක්නට නැත. දෙහිවල සත්වෝද්‍යානයට ගිය විටනම් ඇනකොණ්ඩා විශේෂයේ සතුන් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවෙයි.

ඇනකොණ්ඩා ශ්‍රී ලංකාවට ආගන්තු සතකු වුව ද ඇනකොණ්ඩා යනු සිංහල භාෂාවේ වචනයකි. ලෝකය පුරා වාග් විද්‍යාඥයෝ එය පිළිගනිති.

එපමණක් නොව සියවස් දෙකකට පමණ පෙර මරට විසූ ඉංග්‍රීසි ජාතිකයෝ කිහිප දෙනකුම තමන් ඇනකොණ්ඩාවන් සියැසින් දුටු බවට සටහන් තබා තිබේ.

මෙරට ඇනකොණ්ඩාවන් ගැන යුරෝපීයයකු තැබූ ප්‍රථම සටහන හමුවන්නේ 1768 දී ආර්.එඩ්වින් තැබූ වාර්තා අතරිනි. ඔහු ඇනකොණ්ඩාවන් ගැන දිර්ඝ විස්තරයක් කර තිබේ. ඔහු පවසන්නේ මෙරට ස්වදේශිකයන් මේ සත්වයා හොදින් හඳුනන බවයි. ඔවුන් මේ සතා ඇනකොණ්ඩා ලෙස හඳුන්වන බවත් අතිවිශාල භයංකාර සත්වයකු බවත් ඔහු සටහන් තබා තිබේ.

1821 දී තැබූ සටහනක්

මේ දැවැන්ත සත්වයා මාංශ අනුභව කරන බවත්, තුරු මුදුන්වල වාසය කරමින් පොළොවේ ගමන් කරන සතුන් ගිල දැමීමට ක්ෂණයකින් ක්‍රියාත්මක වන බවත් ඔහු විස්තර කර ඇත.

“රොමැන්ටික් ටේල්” නමින් 1808 දී ග්‍රන්ථයක් රචනා කරන මොන්ක් ලුවිස් විසින් ලංකාවේ ඇනකොණ්ඩාවන් පිළිබඳ සටහන් කර තිබේ. ඔහු පවසන්නේ මෙරට විසූ ඇනකොණ්ඩා නම් අති දැවැන්ත සර්පයා ගැන විශ්වාස බොහොමයක් තිබෙන බවකි.

1803 දී මෙරටට පැමිණි රොබට් පර්සිවර් ද මෙසේ පවසා ඇත.

“මම ලංකාවට පැමිණීමට පෙර දැනගත්තා ප්‍රමාණයෙන් අති විශාල භයංකාර සර්පයෙක් සිටින බව. කුළු හරකෙකු පවා පණපිටින් ගිල දමන මේ සර්පයා අලි ඇතුන් පවා බියට ප්කරන බව දැනගත්තා. මම ඒ ගැන විමසුව ද මේ භයංකාර සත්වයා ගැන කිසිවෙක් වැඩිපුර දැන සිටියේ නැත.”

ජේ.ඩබ්ලිව් බෙනට් “ලංකාව හා එහි සමත්කම්” ගැන ලියමින් 1843 දී කියා ඇත්තේ සිංහල නම් 31කින් හඳුන්වන සර්ප විශේෂ මේ රටේ දී දක්නට ලැබෙන බවයි. ඔහු එම සර්පයන්ගේ නාම ලේඛනයක් ද සකසා තිබේ. එහි ඇනකොණ්ඩා සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශාලතම සර්පයා වූ පිඹුරා වෙන වෙනම සත්ව විශේෂ දෙකක් ලෙස දක්වා ඇත.

1850 දී “ලංකාව සහ සිංහලයෝ” යන ග්‍රන්ථය ලියන හෙන්රි චාර්ල්ස් පවසන්නේ ලංකාවේ සිටින විශාලතම උරගයා ඇනකොණ්ඩා නමින් හඳුන්වන බවයි. එම දැවැන්ත සර්පයන් පිඹුරන්ට බෙහෙවින් සමීප බවක් පෙනුන ද පිඹුරන් තරම් සුලබ නැතැයි ද ඔහු සටහන් කර තිබේ.

“මේ සතා අති විශාලයි. ඔවුන් කොතරම් විශාල වුණත් සිංහලයන් ඒ සතාට බියක් දක්වන්නේ නැහැ” ඔහු පවසා තිබේ.

නැවත ඇනකොණ්ඩා ගැන විස්තරයක් අපට හමුවන්නේ 1859 දී ඉමර්සන් ටෙනට් කරන ලද විස්තරයකිනි. ඔහු එහි දක්වා ඇත්තේ මේ දැවැන්ත සර්පයා කොටින් පවා ගිල දැමූ බවයි.

A copied later version of ‘Skinning of the Aboma Snake’, J. G. Stedman, Narrative (1796), the plate designed by Stedman and originally engraved by Blake. Shows slaves in Surinam skinning an anaconda while Steadman looks on. The snake grew from 18 to over 22 feet long according to Steaman. The anaconda (Eunectes murinus) is the largest snake in the world by weight and second largest by length and have been found over 16 feet long.

විද්‍යාත්මක නාමකරණයේ පදනම දැමූ කැරොලස් ලීනියස් පිඹුරා නම් කර ඇත්තේ බොආ නමැති නමකිනි. ඔහු තම ලේඛනවල දක්වා ඇත්තේ පෙරදිග රවටල දී ඇනකොණ්ඩා සර්පයන් බොආ ලෙස ද හඳුන්වන බවයි.

තම රටෙහි වනාන්තරවල අඩි 20කට වඩා දිගින් යුතු ඇනකොණ්ඩා නම් දැවැන්ත සර්ප විශේෂයක් සිටින බව සිංහලයන් කියන බව විදේශිකයෝ වරින් වර සටහන් තබා තිබේ. ඇනකොණ්ඩා ඌරන්, ගොනුන්, මුවන් ගිල දමා ඔවුන්ගේ අං සමඟ මැරී සිටිනු දක්නට ඇති බවත් විදේශිකයෝ කියති.

ඇනකොණ්ඩා පිළිබඳ ඉතාමත් පැහැදිලි විස්තරයක් සටහන් කර ඇත්තේ ජෝන් ඩේවි විසිනි. ඔහු පවසන්නේ මෙරට වැසියන් ඇනකොණ්ඩා නැතිනම් හෙනකඳයා ලෙස හඳුන්වන අති විශාල සර්පයකු වාන්නතරවල වාසය කරන බවයි. අඩි 25-20ක් පමණ දිගට මේ සතුන් වර්ධය වන බව ද ඩේවි සඳහන් කර ඇත.

“මට ඇනකොණ්ඩ සතකු දක්නට ලැබුණා. අඩි 25ක් දිගයි. සිරුරේ වටප්‍රමාණය අඩි 2ත් 2.5ත් අතර තිබුණා.” යයි ජෝන් ඩේවි තම අත්දැකීමක් ද විස්තර කර තිබේ.

ජේකෝබ් හාෆ්නර් ඇනකොණ්ඩා සතකු තමන්ට හමුවූ ආකාරය පිළිබඳ විස්තරයක් සටහන් තබා ඇත.

ඔහු එම විස්තරයේ මෙසේ කියයි.

“මම යාපනයේ ඕලන්ද කොටුවට යමින් සිටියා. ස්………….. ස්………….ස්……… ශබ්දයක් ඇසුණා. ඒ සමගම සෙළවීමක් දක්නට ලැබුණා. අපි භිය වුනා. ධෛර්යය අරගෙන සොයා බැලුවා. ඉතා භයංකාර සර්පයෙක් අප පසුපස එමින් සිටියා. ඒ සර්පයා සිදුකරන පිඹීම කුණාටුවක් වගේ. වරින් වර මුඛය අරිද්දී අපි දුටුවේ විශාල බෙනයක් වැනි විවිරයක්. මේ සත්වයා මා ගිල දැමීමට උත්සාහ කළා. අපි හැකි ඉක්මණින් ගලකට නැගගත්තා.

සත්ව විද්‍යාඥයන් ඇනකොණ්ඩා සතුන් වෝටර් බොආ ලෙස ඳ හඳුන්වයි.

දියේ ගිලී නොස්පුඩු දියේ ගිලී විශාල කාලයක් දියේ ම සිටිය හැකි බැවින් මොවුන් වෝටර් බොආ ලෙස ද හඳුන්වයි. ඇනකොණ්ඩා යනු ජලජ ජීවියෙක් ද වෙයි.

සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ ඇනකොණ්ඩා විශේෂ 04ක් සිටින බවයි.

කෙසේ වෙතත් ඇනකොණ්ඩා යන්න දැන් ලෝකයේ ඉතා ප්‍රසිද්ධ වචනයකි. ෆර්ගියුසන් සඳහන් කරන්නේ ඇනකොණ්ඩා නමැති චනය උපත ලබා ඇත්තේ සිංහල භාෂාවෙන් බවයි. සිංහල වාග් මූලයන් ගැන පර්යේෂණ කළ ඔහු ඔක්ස්ෆර්ඩ් හි කෙටි වදන් හා වාක්‍ය යනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථයේ, ඇනකොණ්ඩා නමැති වචනය සිංහල භාෂාවෙන් බිඳී ගිය වචනයක් බව සඳහන් කර තිබේ.

වර්තමාන විද්වතුන්ගේ මතය වන්න් 18 වැනි සියවසේ පටන් මෙරට විවිධ පාරිසරික සාධක හා සුන්දර වටපිටාවත් ජන ජීවිතයත් ගැන සටහන් තැබූ ලේඛකයෝ ඇනකොණ්ඩා නමැති සිංහල නමට ජත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබාදිම හේතුවෙන් ඒ නම ලෝකය පුරාම ප්‍රචලිත වන්නට ඇති බවයි.

මේ ගැන මතවාද බොහොමයකි.

කවුරුන් කෙසේ කීව ද දැන් ශ්‍රී ලංකාවේ පිඹුරන් හැර ඇනකොණ්ඩාවන් දක්නට නැත. ඇනකොණ්ඩා මෙරට සිටින්නේ සත්වෝද්‍යානයේ නමුත් අපේ රටේ අතීතයේ ජීවත් වී සදාකාලිකව ම වඳවී යන්නට ඇතැයි සිතන මේ දැවැන්ත සර්පයන්  සිංහල වචනයක් ලෝකය පුරාම ගෙන ගොස් තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!