-2.1 C
New York

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයෙන් කප් ගහයි. විස්තර මෙන්න

Published:

ජනගහනයට සාපේක්ෂව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතරින් ඉන්දියාව ද අභිබවා දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාව ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන මරණ ප්‍රතිශතයෙන් ලොව ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටියි.

ලෝක සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කිරීමේ දී ජනගහනයට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ ජනගහනය මිලියනයකට වාර්තාවන දෛනික කොරෝනා මරණ අනුපාතය සැළකිල්ලට ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.8කි. අපි එය මිලියන 22ක් ලෙස සලකා ගණනය කරමු. ඊයේ දිනයේ රජය විසින් නිවේදනය කරන ලද දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 186 කි. එ් අනුව මෙරට මිලියනයකට සිදුවන මරණ සංඛ්‍යාව 8.45 මෙය දකුණු ආසියාවේ ඉහළම කොරෝනා මරණ අනුපාතයයි.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ සිටින අතර දෙවන ස්ථාන‍යට බංග්ලාදේශයත්, තුන්වැනි ස්ථානයට නේපාලයත්, සිව්වැනි ස්ථානයට ඉන්දියාවත්, පස්වැනි ස්ථානයට පකිස්තානයත්, හයවැනි ස්ථානයට ඇෆ්ගනිස්තානයත් පත්ව සිටියි.

මේ අතර දිනකට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සහ දෛනික මරණ අනුපාතය සැළකූ විට ශ්‍රී ලංකාව ලොව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ආසාදියන්ගෙන් 5%ක් මියයන තත්වයක් පෙන්වන බැවිනි.

නමුත් ලෝකයේ සෑම රටකම පාහේ කොරෝනා ආසාදිතයන්ට සාපේක්ෂව දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 1%-2%ත් අතර අගයක පිහිටා ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ තත්වය අතිශය භයානක බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

Related articles

Recent articles

spot_img