-5.9 C
New York

දරුවන් හැදීම නවත්වන්න. උපත් පාලනය කරන්න

Published:

කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව තුළ ඉතාමත් භයානක ආකාරයෙන් පැතිරයන බැවින් ගැබ් ගැනීමෙන් වළකින ලෙස දරුවන් අපේක්ෂාවෙන් සිටින සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

ගැබිණි කාන්තාවන්ට හා ළදරුවන්ට කොරෝනා වයිරසයෙන් අහිතකර බලපෑම් ඇතිවන බවත් ඇතැම් විට මරණයට පවා පත්විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වාදෙයි.

එබැවින්, කොරෝනා වසංගතය අතිශය දරුණු ලෙස රටපුරාම පැතිරෙමින් පවතින මෙම කාල වකවානුවේ දී ‍ගැබ් ගැනීමෙන් වැළකී උපත්පාලන ක්‍රම අනුගමනය කිරීම වඩාත් සුදුසු බව හෙතෙම පෙන්වාදෙයි.

සෑම මවක් ම පියෙක් ම බලාපොරොත්තු වන්නේ ඉතාමත් නිරෝගී දරුවකු වුව ද කොරෝනා වැනි සීඝ්‍ර ව්‍යාප්තියක් සහ මරාන්තික වියහැකි වයිරසයක් පැතිරෙමින් තිබිය දී ගැබ්ගැනීම යනු මවගේත් දරුවාගේත් දෙදෙනාගේම ජීවිත අවදානමේ හෙළීමක් බැවින් සුදුසුම දෙයනම් දරුවන් අපේක්ෂාවෙන් සිටින ඔබ එය කෙටි කාලයකට කල් දැමීමයි.

Related articles

Recent articles

spot_img