-4.8 C
New York

වකුගඩු රෝගීන් වෙනුවෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්

Published:

මාළිගාවත්ත වකුගඩු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල සඳහන් කරයි.

කොරෝනා මර්ධනය සඳහා ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාවේ දී ක්‍රියාත්මක කර ඇති මෙම හදිසි ප්‍රතිචාර ඒකකයෙන් වකුගඩු රෝගින්ට රෝහල්ගත වීම සඳහා අවශ්‍ය තොරතුරු සපයනු ලබන අතර ඖෂධ වර්ග නිවසට ගෙන්වාගැනීමට ද අවශ්‍ය ඕනෑව විටෙක දුරකථන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ද පහසුකම් සපයා ඇත.

ඒ අනුව ඕනෑම වකුගඩු රෝගියකුට හෝ එවැනි රෝගීන් වෙනුවෙන් වෙනත් අයකුට හෝ 0705211211 අංකයට අමතා එම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සළසා ඇත.

Related articles

Recent articles

spot_img