-5.9 C
New York

සතොස හාල් සහ පරිප්පුවලට සීමා දමයි. සීනි සහ අල නෑ

Published:

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට රජය සියලු කටයුතු යොදා ඇතැයි පැවසුව ද අද (20) වනවිට සතොස අළෙවි සැල්වල හාල් නිකුත් කරන්නේ එක් පුද්ගලයකුට උපරිම කිලෝ ග්‍රෑම් 05ක් පමණි. පරිප්පු නිකුත් කරන්නේ එක් පුද්ලයකුට උපරිම කිලෝ ග්‍රෑම් 01ක් පමණි.

සතොස අළෙවි සැල්වල සුදු සීනි හෝ දුඹුරු සීනි නොමැත. එමෙන්ම අර්තාපල් ද සතොසෙහි තිබුණේ නැත.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමේ අපේක්ෂාවෙන් සතොස අළෙවි සැල් වෙත පැමිණෙන ජනතාවට තම අවශ්‍යතා සපුරාගැනීමට දිගුවේලාවක් පොළිම්වල රැඳී සිටීමත් සිදුව තිබේ.

Related articles

Recent articles

spot_img