-5.9 C
New York

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

Published:

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි

ගාල්ලේ හපුගල ඩාර්ලින්ටන් වත්තේ පදිංචි සිය දියණියගේ නිවසේ සිටිය දී රෝගාතුර වීම හේතුවෙන් පසුගිය 11 වැනි දා රෝහල්ගත කර ඇති අතර ඊයේ (18) මියගොස් තිබිණි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයේ වාර්තාව අද (19) උදෑසන ලැබී තිබුණු අතර ඉන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතව මියගොස් ඇති බවයි.

මෙම පුද්ගලයා පසුගිය ජූනි මස 02 දින කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර ජූලි මස 01 වැනි දා එහි දෙවැනි මාත්‍රාව ද ලබාගෙන තිබිණි.

මෙම පුද්ගලයාට අධි රුධිර පීඩනය සම්බන්ධ රෝග ඉතිහාසයක් ඇතත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ කොරෝනා නිව්මෝනියාවෙන් මියගොස් ඇති බවයි.

Related articles

Recent articles

spot_img