-5.9 C
New York

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි

Published:

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේ ම මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා සියලු අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් කිසිම ආයතනයකට එය දරාගත නොහැකි බවයි.

“අපි හිතුවා රජය යම් සහනයක් දේවි කියලා. නමුත් එය සිදුවුණේ නැහැ. මේ වනවිට සියලු අමුද්‍රව්‍යවල මැල වැඩිවෙලා. ඒ නිසා අපි සාකච්ඡා කරලා තීරණය කළා මිල වැඩි කරන්න. රජය මේ ගැන අවධානය යොමුකර සුදුසු පියවරක් ගනීවි කියා විශ්වාස කරනවා”

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 5.00කින් ද කොටි කෑම වර්ග ඇතුළු අනිකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10.00කින් ද, කේක් කිලෝවක මිල රුපියල් 100.00කින් ද ඉහළ දමන බව එම සංගමය පවසයි.

Related articles

Recent articles

spot_img