-5.9 C
New York

ඇන්ටිජන් කට්ටල නැතිව ගාලු ජනතාව අමාරුවේ

Published:

ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස් විශාල ගැටලුවකට මුහුණ දී සිටිති.

මේ හේතුවෙන් නව ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ද නැවතී තිබේ.

අද වනවිට අක්මීමණ ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බොහොමයක ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැතිවීම හේතුවෙන් ආශ්‍රිත වූ ඇතැම් පුද්ගලයන් ගාල්ලේ පුද්ගලික රෝහල්වලට ගොස් මුදල් ගෙවා හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට උත්සාහ ගත්ත ද පුද්ගලික රෝහල්වල ද එම කට්ටල අවසන් වී තිබිණි.

මේ හේතුවෙන් ආශ්‍රිත වූ පුද්ගලයන්ට යළි ගාල්ලට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලැබෙන තුරු බලා සිටීමට සිදුව ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් නිවෙස්වල ම සිටින්නේ නම් ඔවුන්ග‍ේ දින 14 අවසානයේ දී ද සිදුකළ යුතුව ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණයක් බවයි. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කට්ටල නොමැතිවීම හේතුවෙන් නිරෝධායනය අවසන් කිරීමේ පරීක්ෂණ ද ප්‍රමාද වෙමින් පවතී.

දැනට පීසීආර් කට්ටල අලුතෙන් ලැබී ඇති අතර එලෙස ලැබී ඇත්තේ මීට පෙර ලැබුණු පරීක්ෂණ කට්ටලවලට වඩා තරමක් කුඩා කට්ටලයක් බැවින් එය කොතරම් දුරට භාවිතයට පහසු වනු ඇත්ද යන්න ගැටලුවක්යැයි ද සෞඛ්‍ය සේවකයෝ කියති.

Related articles

Recent articles

spot_img