-5.9 C
New York

හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා

Published:

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි.

මෙම රෝහල කොරෝනා ආසාදිතයන් සඳහාම වෙන්කර තිබේ.

හෙද හෙදියන් 09 දෙනෙක්, සෞඛ්‍ය කාර්ය සහායකයන් 06 දෙනෙක්, ලිපිකරුවන් 02නෙක් හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් ආසාදිත අනෙකුත් අය අතර සිටින බව ද රෝහල් අධිකාරීවරයා කීවේය.

ආසාදිත වෛද්‍යවරු 08 දෙනා අතරින් දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරු 04 දෙනකු ද සිටිති. මෙම ආසාදිතයන් 27 දෙනා අතරින් සෞඛ්‍ය කාර්ය සහායකයන් දෙදෙනකු හැර අනෙක් සියලු දෙනා නිවෙස්වල ප්‍රතිකාර ලබති.

වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ මේ වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයන් 220ක් හෝමාගම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඔවුන් අතරින් වැඩි පිරිසකට සංකූලතා ඇති බව ද ඔහු කීවේය.

වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ ආකාරයෙන් ආසාදනය වුවහොත් ඉදිරියේ දි රෝහලේ දෛනික සේවා පවත්වාගෙන යාම පවා අසීරුවනු ඇතැයි ඔහු පවසයි.

Related articles

Recent articles

spot_img