-5.9 C
New York

බුදුපිළිම කැඩීමේ සිද්ධිය හෙළි කළ තස්ලිම්ට පොලිසියෙන් ලක්ෂ 25ක්

Published:

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව සදාකාලික ආබාධිතයකු වී සිටින මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලිම් වෙත ශ්‍රී ලංකා පොලිසිය අද (18) රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කළේය.

ඔහු මෙම තොරතුරු ලබාදීම හේතුවෙන් ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇවිදීමට නොහැකිව සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකළ අතර එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ද සහභාගී වී සිටියහ.

Related articles

Recent articles

spot_img