-2.1 C
New York

සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්

Published:

සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ මෙම සහල් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් යෝජනාව ඉදිරිපත් තිබූ බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.  

Related articles

Recent articles

spot_img