ඉන්දන හිඟයක් ඇති වේ යැයි මේ වනවිට විවිධ අංශයන්හි පැතිරයන පුවත පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉන්දන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු ඉන්ධන හිඟයක් ගැන කිසිවක් නොකීව ද ඖෂධ සහ ප්‍රතිශක්තීකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය දෑ ආනයනය සඳහා විදේශ විනිමය ආරක්ෂාකරගැනීමට සිදුව ඇති බැවින් මෙම ඉල්ලීම කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය.
රජය විදේශ විනිමය පරිහරණයේ දී ඉන්ධන ආනයනයට පළමු මාස හයේ දී ආනයන වියදමින් 18% වැය වූ බවත් අමාත්‍යවරයා කීවේය. මේ හේතුවෙන් අවසන් මාස 06 දී 25%ක් පමණ වීම වැළැක්විය යුතු යැයි ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනතාව ඉන්ධන අමරපිමැස්මකින් යුතුව වගකීමෙන් පාවිච්චි කිරීම ජාතික වගකීමක් බවත් ඉන්ධන ආනයනයේ කිසිඳු අඩුවක් කරන බවක් මෙයින් අදහස් නොවන බවත් අමාත්‍යවරයා කීය.
නමුත් මේ වනවිට සමාජයේ පැතිර යන්නේ දැනට ශ්‍රී ලංකාව සතුව ඇති ඉන්ධන තොග දින 10ක පමණ කාලයකට ප්‍රමාණවත් බවයි. ඉන්ධන තොග නොලැබුණහොත් බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බව ද එම පාර්ශව පෙන්වා දෙයි.