-5.9 C
New York

ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය

Published:

ශ්‍රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමු‍වේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් මාසයකට ලීටර 120,000ක් ආනයනය කළ අතර ඉදිරියේ දී මාසයකට ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

දේශීයව ද දෛනිකව ඔක්සිජන් ටොන් හැත්තෑ අටක් පමණ නිපදවන අතර මේ වනවිට එය ටොන් 95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

Related articles

Recent articles

spot_img